මොකක්ද මේ සූරියකාන්ත පීත්ත පටිය ?

       

 

   සූරියකාන්ත පීත්ත පටියක් ගෙලේ පැලද සිටින අයෙක් දුටු විට මොකක්ද කරන්න අවශ්‍ය කියල ඔබට අවබෝධයක් තිබෙනවද? ඒත් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව දැනුවත්බාවය අඩු බවක් තිබිය හැකිය. ලංකාව තුළ මේ සූරියකාන්ත පීත්ත පටිය ප්‍රසිද්ධ සංකේතයක් නොවූවත් විදෙස් රටවල මෙය ඉතාමත් සුලබ වූ භාවිතයකි. මන්දයත් සූරියකාන්ත පීත්ත පටිය යනුනවීන විලාසිතා අංගයක් නොවේ. එය භාවිතා වන්නේමානසිකව හෝ ශාරීරික ආබාධයක් ඇති විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන් හඳුනා ගැනීමේ සංකේතයක් ලෙසයි. පෝලිමක, දුම්රිය පළක, වෙළඳ සැලක් තුළ මෙවැනි පීත්ත පටි පටි පැළඳ සිටින පුද්ගලයෙක් දුටුවිට දුටු විට එහි අර්ථය වන්නේ ඔහු හෝ ඇයට යම් උපකාරයක්, මගපෙන්වීමක්, ඊට වැඩි කාලයක් අවශ්‍ය බවයි. එසේම ඒ තුළින් අවට සිටින පුද්ගලයින්ට ද අපහසුතාවක් ඇති වීමට පවතින ඉඩකඩ ද අවම කරයි. තවද සැඟවුණු ආබාධ සහිත පුද්ගලයන් මුහුනදෙන දෛනික අභියෝග හඳුනා ගැනීමට තේරුම් ගැනීමට මේ පිළිබඳව දැන සිටීම උපකාරී වේ.
                  

සාමාන්‍යයෙන් නම් දෘෂය ආබාධයක් පවතින අයෙකු, ශ්‍රවණාබාධයක් පවතින අයකු නැතිනම් පාදවල ආබාධ පවතින අයෙකු හඳුනාගත හැකිය. නමුත් දියවැඩියාව,ඇදුම, වකුගඩු අකර්මණ්‍යතාවය, නින්ද ආබාධ වැනි සැඟවුණු ආබාධ සහිත පුද්ගලයින් මේ සූරියකාන්ත පීත්ත පටිය පළදින බවක් සඳහන් වේ. 2016 වර්ෂයේ දී Tabbers privet Limited මෙය ආරම්භ කළ බව දැක්වේ. 

                 යම් අයෙකුට සූරියකාන්ත පිත්ත පටියක් පැලදීම අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා කිසිදු සීමාවක් මෙන්ම ලැයිස්තුවක් සඳහා හිමිකම් කීම අවශ්‍ය නොවේ. ඒ තුළින් ලැබෙන එකදු හිමිකම වන්නේ එවැනි පුද්ගලයෙකුට උපකාරයක් අවශ්‍ය බව අනෙකා විසින් තේරුම් ගැනීම පමණකි.  එබැවින් සූර්යකාන්ත පීත්ත පටියක් පැලදීමෙන් යම් අයකුට ආරක්ෂාවක් මෙන්ම ප්‍රයෝජනයක් පවතින බව සිතේ නම් විදෙස් රටවල් තුලදී මේවා පැවතිය හැකිය. නමුත් ලංකාව වැනි රටක් තුළ තවමත් මෙවැනි ක්‍රියාමාර්ගයන් භාවිතා සදහා යොමු නොවනවා මෙන්ම ඒ පිළිබඳව හරි හැටි දැනුමක් නොපවතින බවක්ද පෙනේ. නමුත් අපට අවශ්‍ය විය යුත්තේ ද අනෙකාව අපහසුතාවයට පත් නොකරන මෙවැනි සංකල්පයන් ම ය. 🌻🌻🌻


නයෝමි ශෂිකලා

 කොළඹ විශ්වවිද්‍යාලය 

ශ්‍රීපාලි මණ්ඩපය 




No comments:

Post a Comment

පලවෙනි දවස

අතරමග කතා පලවෙනි දවස. පලවෙනි දවස කියන්නේ කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවස. පාසල් ගිය පලවෙනි දවස, හා හා පුරා කියලා මනමාලියක්/මනමාලයෙක් වෙන දවස, මු...