Showing posts with label අතරමග කතා. Show all posts
Showing posts with label අතරමග කතා. Show all posts

සතිය ඇතුලත දවසක්....

          මේ අතරමග කතා තීරුව මං ලියන්නේ ඔයාලට වගේම මගේ හිතටයි. සතියක් කියන්නෙ ලොකු කාලයක්. වෙනදටනම් සතිය ඇතුලත දවසක්, එකහමාරක් විවේක ගන්න මට මේ සතිය කියන්නේ වැඩ අධික කාර්‍යබහුල සතියක් උනා. කොටින්ම කියනවනම් ඒ මහන්සිය ගොඩක්ම දැනුනේ මගේ කකුල්වලට. ඇවිදල ඇවිදල හරිම මහන්සියෙන් ඉන්න මම කොළඹ යන ගමන් නින්දකට වැටිලා මහන්සි නිවා ගන්න තීරනය කලා. ඒත් එක්කම අම්මා කෙනෙකුයි පොඩි දරුවෝ දෙන්නෙකුයි මගේ බස් එකට නැග්ගා. ඒ අම්මා අහනවා කවුද දැන් තාත්තා ලගින් වාඩි වෙන්නේ කවුද මගේ ලගින් වාඩි වෙන්නේ. ලස්සන ගවුමක් ඇදල ඉදපු පුංචි දුව එකපාරටම අත් උස්සල කෑ ගහන්න ගත්තා මමයි කියලා. කවදත් තාත්තලට වැඩිපුරම ආදරේ දුවලනේ එහෙම නේද.  මට මේ කතා බහ ටිකක් විශේශ උනා. ඉස්සර දවසක මගේ අම්මාත් මේ කතාවම ඇහුව. මේ පවුලේ එක කොල්ලයි එක කෙල්ලයි උනාට මගේ පවුලේ කෙල්ලෝ දෙන්නයි එක කොල්ලයි. ඉතින් අපේ අම්මා මෙහෙම අහන හැම වතාවකම තාත්තා ලග ඉදගන්න මටයි නංගිටයි දෙන්නටම ඕනි  වෙනවා.



 ඒත් තාත්තගේ ඔඩොක්කුවේ අපි දෙන්නටම ඉඩ නැහැනේ. ඒ උනාට තාත්තා කවදාවත් අපිට බැහැ කිව්වේ නැහැ ඒවගේ වෙලාවට තාත්තා කරන්නේ ඔලුව අතගාලා මාවයි නංගිවයි දෙන්නවම කකුල් දෙක උඩ තියාගන්න එක. අපිට හරිම සතුටුයි. හැබැයි කවදාවත් පොඩි බයක්වත් දැනෙන්නේ නැහැ. මොකද අපිට තාත්තාව ඒ තරම්ම විශ්වාස නිසා. තාත්තා ජීවත් උනේ මගේ     කතාවෙ පිටු කිහිපයක විතරයි. ඒත් මේ දැන් ලියවෙන පිටුවෙත් තාත්තා ඉන්නවා. ඒ තමයි තාත්තා. ඉතින් තාත්තාගේම පිහිටයි.

නයෝමි ශෂිකලා.


පලවෙනි දවස

අතරමග කතා

පලවෙනි දවස. පලවෙනි දවස කියන්නේ කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවස. පාසල් ගිය පලවෙනි දවස, හා හා පුරා කියලා මනමාලියක්/මනමාලයෙක් වෙන දවස, මුලින්ම විශ්වවිද්‍යාලයට ගිය දවස, රැකියාවකට ගිය පලවෙනි දවස, පලවෙනි පඩිය ගත්ත දවස මේ ව ජීවිතේට කොච්චර නම් විශේශද කියල හැමෝම දන්නවා. මට ත් ඒ වගේ. අද තමයි පලවෙනි දවස. දෙවියන්ගෙන් ලැබුණු කරුනාවෙන් හෝ මගේ ජීවිතය පුරාවට කාටවත් හොරකම් කරන්න බැරි උන මගේ දැනුම හෝ මට පියවරක් ඉදිරියට තබන්න උදව් කලා. මං මගේ ජීවිතයෙන්ම තේරගත්ත දෙයක් තියෙනවා. අපිට පුලුවන් කාලයේ අපි ලගින් ගොඩාක් මිනිස්සු හිටියට අපිට බැරි කාලයේ හිටියේ ටික දෙනයි. හැබැයි අපි පටන්ගන්න වැඩේ අවන්කවම හොදට කරනවනම් අපිට මුහුණ දෙන්න ලේසියි. මේ තමයි අතර මග යන ගමන් මට මං ගැන හිතුන දේ. නින්දෙන් නොවුනත් නින්දෙන් ඇහැරුනා වගේ එක දිගට මං මගේම මතක මතක් කරන්නට උනා. අනේ ඒ මතක හරිම ලස්සනයි. ඒත් හීන බලන්න වෙලාව අඩුයි දැන් ආයෙත් නිදාගත්තොත් ඊලග බස් එක මග හැරෙන්න පුලුවන්. ඒ නිසා අවදියෙන් යන්න ඕනි. ජය වේවා. 


නයෝමි ශෂිකලා

ආදරයේ යුද්ධය

                 මිනිස්සු ආදරය, ගෞරවය වගේම විශ්වාස වෙනුවෙන් යුද්ධ කරනවා දැකලා තියෙනවද? මේක ආදරණීය යුද්ධයක් නෙවෙයි ආදරය නිසාම ඉපදුනු යුද්ධයක්...