ප්‍රවෘත්තියක් යනු, අප අවට සමාජයේ පවත්නා අලුත් වැදගත් සිදුවීමකි. සිද්ධි සෑම තැන්හි ව පවතී. ගෙවන සෑම තත්පරයක් තුළ ම සිද්ධීන් සිදු වේ. එහෙත් සමාජයේ පවත්නා සෑම දෙයක්ම ප්‍රවෘත්තියක් නොවේ. ඒවා සිදුවීම්ය. සිදුවීම් අතරින් සියල්ලන්ට ම පොදු වූ කාලීන මෙන්ම සියල්ලම තුළ උනන්දුවක් ඇති කරන සිදුවීම් ප්‍රවෘත්ති බවට පත් වේ. ඉංග්‍රීසි භාෂාවෙන් North, East, West, South එහි එහි අණ සතර දිශාවෙන් ගලාගෙන එන තොරතුරු ප්‍රවෘත්ති ලෙස අර්ථ දක්වා ඇත. ප්‍රවෘත්ති වූ කලී සාමාන්‍යයෙන් සිදු නොවන අසාමාන්‍ය දෙයක් බව චාල්ස් ඒ. ඩානාගේ නිර්වචනයෙන් පෙනේ. "බල්ලකු මිනිසෙකු සපා කෑ විට එය ප්‍රවෘත්තියකි එහෙත් මිනිසකු බල්ලකු සපා කෑම ප්‍රවෘත්තියක් නොවේ." "ජනතාවට බලපාන්නාවූ ඔවුන් තුළ උනන්දුවක් ඇති කරන්නාවූ කරන්නා වූ මෑත කාලීන හා වැදගත් සිදුවීමකට අදාල අලුත් තොරතුරක් ප්‍රවෘත්තියක් වන බව " Here is the news අත්පොතේ පෝල් ඩී. මැසිනියර් දක්වයි.
"අලුතෙන්ම ලැබුණු නව්‍ය හෝ ඉතා වැදගත් තොරතුරු ප්‍රවෘත්ති" ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ දක්වා ඇත.
"සුභ ආරංචියක් ප්‍රවෘත්තියක් නොවේ. " යනාදී වශයෙන් ද ප්‍රවෘත්ති සම්බන්ධයෙන් නිර්වචන පවතී. ෆෙඩා මොරිස් දක්වන්නෙ ප්‍රවෘත්ති යනු, "අපගේ ජීවිතයේ කෙරෙහි බලපාන සමීප වැදගත් දේ බවයි." එමෙන්ම ප්‍රවෘත්තියක් යනු, ජනතාවට බලපාන්නාවූ ඔවුන් තුළ උනන්දුවක් ඇති කරන්නාවූත්්්මෑත කාලීන හා වැදගත් සිදුවීමකට අදාල අලුත් තොරතුරක් වශයෙන් ආසියා ශාන්තිකර ගුවන් විදුලි සංවර්ධන ආයතනය දක්වයි. එසේම ඉහත සඳහන් ආකාරයට ප්‍රවෘත්තියක් තුළ ප්‍රවෘත්ති අංගයන් කිහිපයක් පැවතිය යුතුය. කාලීන බව බලපෑම අදාළ බව සමීප බව අසාමාන්‍ය බව තරගකාරීත්වය නිරවුල් බව විරෝධය කාලගුණය යනාදියයි. P.A. නයෝමි ශෂිකලා කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රීපාලි මණ්ඩපය.
No comments:
Post a Comment