Showing posts with label මා කියවූ සමාජය. Show all posts
Showing posts with label මා කියවූ සමාජය. Show all posts

මොකක්ද මේ සූරියකාන්ත පීත්ත පටිය ?

       

 

   සූරියකාන්ත පීත්ත පටියක් ගෙලේ පැලද සිටින අයෙක් දුටු විට මොකක්ද කරන්න අවශ්‍ය කියල ඔබට අවබෝධයක් තිබෙනවද? ඒත් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව දැනුවත්බාවය අඩු බවක් තිබිය හැකිය. ලංකාව තුළ මේ සූරියකාන්ත පීත්ත පටිය ප්‍රසිද්ධ සංකේතයක් නොවූවත් විදෙස් රටවල මෙය ඉතාමත් සුලබ වූ භාවිතයකි. මන්දයත් සූරියකාන්ත පීත්ත පටිය යනුනවීන විලාසිතා අංගයක් නොවේ. එය භාවිතා වන්නේමානසිකව හෝ ශාරීරික ආබාධයක් ඇති විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන් හඳුනා ගැනීමේ සංකේතයක් ලෙසයි. පෝලිමක, දුම්රිය පළක, වෙළඳ සැලක් තුළ මෙවැනි පීත්ත පටි පටි පැළඳ සිටින පුද්ගලයෙක් දුටුවිට දුටු විට එහි අර්ථය වන්නේ ඔහු හෝ ඇයට යම් උපකාරයක්, මගපෙන්වීමක්, ඊට වැඩි කාලයක් අවශ්‍ය බවයි. එසේම ඒ තුළින් අවට සිටින පුද්ගලයින්ට ද අපහසුතාවක් ඇති වීමට පවතින ඉඩකඩ ද අවම කරයි. තවද සැඟවුණු ආබාධ සහිත පුද්ගලයන් මුහුනදෙන දෛනික අභියෝග හඳුනා ගැනීමට තේරුම් ගැනීමට මේ පිළිබඳව දැන සිටීම උපකාරී වේ.
                  

සාමාන්‍යයෙන් නම් දෘෂය ආබාධයක් පවතින අයෙකු, ශ්‍රවණාබාධයක් පවතින අයකු නැතිනම් පාදවල ආබාධ පවතින අයෙකු හඳුනාගත හැකිය. නමුත් දියවැඩියාව,ඇදුම, වකුගඩු අකර්මණ්‍යතාවය, නින්ද ආබාධ වැනි සැඟවුණු ආබාධ සහිත පුද්ගලයින් මේ සූරියකාන්ත පීත්ත පටිය පළදින බවක් සඳහන් වේ. 2016 වර්ෂයේ දී Tabbers privet Limited මෙය ආරම්භ කළ බව දැක්වේ. 

                 යම් අයෙකුට සූරියකාන්ත පිත්ත පටියක් පැලදීම අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා කිසිදු සීමාවක් මෙන්ම ලැයිස්තුවක් සඳහා හිමිකම් කීම අවශ්‍ය නොවේ. ඒ තුළින් ලැබෙන එකදු හිමිකම වන්නේ එවැනි පුද්ගලයෙකුට උපකාරයක් අවශ්‍ය බව අනෙකා විසින් තේරුම් ගැනීම පමණකි.  එබැවින් සූර්යකාන්ත පීත්ත පටියක් පැලදීමෙන් යම් අයකුට ආරක්ෂාවක් මෙන්ම ප්‍රයෝජනයක් පවතින බව සිතේ නම් විදෙස් රටවල් තුලදී මේවා පැවතිය හැකිය. නමුත් ලංකාව වැනි රටක් තුළ තවමත් මෙවැනි ක්‍රියාමාර්ගයන් භාවිතා සදහා යොමු නොවනවා මෙන්ම ඒ පිළිබඳව හරි හැටි දැනුමක් නොපවතින බවක්ද පෙනේ. නමුත් අපට අවශ්‍ය විය යුත්තේ ද අනෙකාව අපහසුතාවයට පත් නොකරන මෙවැනි සංකල්පයන් ම ය. 🌻🌻🌻


නයෝමි ශෂිකලා

 කොළඹ විශ්වවිද්‍යාලය 

ශ්‍රීපාලි මණ්ඩපය 




කොරෝනා තත්ත්වය හා මාධ්‍ය සංස්කෘතියේ ව්‍යාප්තිය........

                කොරෝනා තත්ත්වය හා මාධ්‍ය  සංස්කෘතියේ ව්‍යාප්තිය........




    වසංගත තත්වයන් යනු කිසියම් වසංගත රෝගයක් එකට ක් ඉක්මවා සමස්ත ලෝකයේම විශාල කලාපයක් වෙත පැතිර යාමයි.එබැවින් පුළුල් වන ගෝලීය කලාපයක රෝග ව්‍යාප්තිය වේගයෙන් ඉහළ යාමට සිදුවේ.එසේම කෙටි කාලයක් තුළ විශාල පිරිසක් වෙත පැතිර යාම ද වසංගත තත්ත්වයක විශේෂ වූ ලක්ෂණයකි. කොරෝනා යනු වෛරස් කාණ්ඩයට එක් වූ මෙවැනි අලුත් ම පැතිර යන භයානක රෝගී තත්ත්වයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයටවසර ගණනක් තුළ මානවයා මුහුණ දුන් මෙවැනි තත්ත්වයන් අතරින් භයානකම බලපෑමක් කළ හැකි තත්ත්වයක් ලෙස covid 19 හැඳින්විය හැකිය. මේ නිසා ඇඳිරි නීතිය, හදිසි නීතිය, නිරෝධායන නීතිය වැනි උත්සාහයන් වෛරස් තත්ත්වය පැතිරයාම පැතිරයාම පාලනයට යොදාගනී. 

                    රටක සිව්වන ආණ්ඩුව වන මාධ්‍ය මාධ්‍යයද හුද කලා වූ ග්‍රාහකයා වෙනුවෙන් පෙරට පැමිණි බවක් පෙනෙන්නට පවතී. පූර්ව කොරෝනා  සමයටත් වඩා මාධ්‍ය සිය න්‍යාය පත්‍රය තුළ තව තවත් ග්‍රාහකයා ඇඳ බැද තබාගන්නට ආකර්ෂණීය නිමාවන් යොදා ගනී.ඒ තුළ න්‍යාය පත්‍රයෙන් වැසුනු මාධ්‍ය සැඟවුණු වාණිජත්වය ඉටුකර ගැනීම අරමුණ වේ. මේ සත්‍ය පිළිබඳ කිසිදු දැනීමක් නොමැති ග්‍රාහකයා මාධ්‍යයෙන් මවන අරුමෝසම්  පැන්ටසි සංස්කෘතියට ගොදුරු වන අතර අර්ථ ශූන්‍ය, අර්ථ හරණය මෙන්ම අර්ථ විරහිත වූ මිනිසකු බිහි කරන්නට ද දායක වේ. සමස්ත ලෝකයම ගෝලීයකරණය වෙද්දි ගෝලීයකරණය වූ මාධ්‍ය බටහිරකරන සංස්කෘතිය දේශීය සංස්කෘතිය තුළට සමීප වීම මේ නිසා සිදු වූ අතර එය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මාධ්‍ය සංස්කෘතිය ලෙස හඳුන්වයි. 

            මානවයා වනාහි උපතේ සිට මිය යන තෙක්ම සංස්කෘතික හුරුපුරුදු පිළිබඳ ලැදියාවකින් කටයුතු කරනු ලබන සංස්කෘතික සත්වයෙකි. මාත් ඒ සංස්කෘතියට අනුගත වීමත් සමග සමග මිනිසා තුළ මෙතෙක් පැවැති සාහිත්‍යය, නීති රීති, සිරිත් විරිත්, ආචාරධර්ම , හුරුපුරුදු පද්ධතියක් වෙනස් වන්නට විය. මානව පරිණාමය හේතුවෙන් ඇඳුම් පැළඳුම් පැළඳුම් භාවිතයට හුරු වූ මානවයාගේ සිට අද දක්වා විවිධාකාර විලාසිතාවන් හා ඇඳුම් පැළඳුම් සඳහා කැමැත්තක් දක්වන්නට මාධ්‍ය ක්‍රියා කලාපය හේතු විය. විශේෂයෙන්ම මාධ්‍ය මඟින් මගින් විකාශය වන වාණිජමය පරමාර්ථයෙන් වෙළෙඳ දැන්වීම් ද විදේශීය ටෙලි නාට්‍යයක් ද ද මේ සඳහා හේතු වේ. එසේම මානවකයාගේ මානවකයාගේ ජීවිතයේ සෑම සුවිශේෂී මොහොතක්ම සමාජ මාධ්‍යට මුදා හරිමින් මාධ්‍ය සංස්කෘතික ගැතියන් බවට වර්තමානයේ දී පත්ව ඇත. මාධ්‍ය මිනිසාගේ මනස නව ආකාරයෙන් වෙනස් කර ඇති බැවින් සහජයෙන් මැවෙන පරිකල්පනීය චින්තන ශක්තිය මාධ්‍ය සංස්කෘතිය හේතුවෙන් අපතේ යයි. ඒ තුළින් මාධ්‍ය සන්දේශ යටිපෙළ යටි පෙළ කියවා ගැනීමට නොහැකි තරමේ විචාරශීලී බුද්ධියකින් තොර ග්‍රාහක පිරිසක් මාධ්‍ය සංස්කෘතිය මගින් නිර්මාණය කරයි. 

                 ශ්‍රී ලංකාව වැනි රටක පැවති ආචාර ආචාරවිධි පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් වී මාධ්‍ය මඟින් බටහිරකරණයට ගැති වූ ආකර්ෂණීය ආචාරවිධි පද්ධතියක් ඇති කිරීමට කටයුතු කරයි. කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ දෛනික රාජකාරි රාජකාරී කටයුතුවලින් රාජකාරී කටයුතුවලින් නිදහස් වන මිනිසා මේවා කෙරෙහි තව තවත් සමීප වන අතර එය අධ්‍යාපනයේ සිට සියල්ල මාර්ගගත වීමටද හේතුවේ. 

                    එබැවින් පූර්ව කොරෝනා සමයට වඩා අප මේ දැන් වෙසෙන්නේ නූතන මාධ්‍ය, නව මාධ්‍ය, සමාජ මාධ්‍ය හා බැඳුණු මාධ්‍යකරණය වූ සංස්කෘතික යුගයක් තුළ බව කිව යුතුමය.



නයෝමි ශෂිකලා.

කොළඹ විශ්වවිද්‍යාලය,

ශ්‍රීපාලි මණ්ඩපය.


            

             ඛේදයකින් හමාර වූ කින්නියාවේ කතාව....

                 

                   මේ වන විට නම් කින්නියාව නොදන්නා අයෙක් නොමැති තරම්. ඒ වෙනම රටක නොව ශ්‍රී ලංකාවේ ම ත්‍රීකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ පාලම්පාරුවක් පෙරළීමෙන් කිහිපදෙනක් මාරයාට බිලි වීමත් සමගයි. මේ අතර පාසල් නිළ ඇදුමින් සැරසුණු මල් කැකුළු  කිහිපයක් ද ජල රකුසාගේ පහරට හසුවී සදහටම නිහඩ වුණා. වසරකට පසු ඔවුන් පොත් බෑගය එල්ලා ගෙන ලහි ලහියේ පාරුවට ගොඩවන්නට ඇත්තේ කෙතරම් සතුටින්ද?

                 ඒත් අවාසනාවන්ත ලෙස හදිසියේම පාරුව පෙරළිණි. ජීවිතය ගලවා ගන්නට කුඩා ශරීරයට දැරිය නොහැකි තරමේ බෑගයක් පැළද ඔවුන් වතුර මත කෙතරම් යුද වදින්නට ඇත්ද? ලාංකිකයා යනු ඉක්මනින් මුල අමතක වන ජාතියක් බව පිළිගැනීම ප්‍රසිද්ධ රහසකි . එවන් පසුබිමක තිබියදී ගිලීගිය ජීවිත මෙන්ම බේරාගත් ජීවිත ද මාධ්‍යයට හා  රජයට මෙන්ම  සමස්ත ලාංකිකයන්ට ම සති කිහිපයකින් අමතකව යාවි.

                   



                           කින්නියා ප්‍රදේශවාසීන්ගේ කඳුළු කතාව සිත් තුළ ඉතිරිව පවතිද්දී සියල්ල පෙර මෙන් නැවත ගලා යාම සිදුවේවි . පාලම්, මංමාවත්, අහස උසට ගොඩනැගිලි තව තවත් ඉදි වේවි. එහෙත් හෙට ලෝකය ජයගන්න අකුරු කරන්නට ගිය මල් කැකුළු යළිත් කිසිදා කින්නියාවට නොඒවි. මෙවැනි පාලම් තවත් අබලන් තත්වයේම පවතින්නට නොදීම සෑම රජයක ම වගකීමක් වේ. එමෙන් ම දරුවන් බොහෝමයක් දෙමාපියන් ඇතුළු  සමීපතමයන් සිටියදී අනතුරට ලක්වීමේ ප්‍රවණතාවයක් පවතිද්දී දරුවන් පිළිබඳ දෙමාපියන් තව තවත් සැලකිලිමත්ව සොයා බැලීම ද වැදගත් වේ.

                        සිදුවීමක් සිදු වූ පසුව ඒ ගැන කතා කිරීම පලක් නොවූවත් නැවත කිසිම මල් කැකුලකට හරිහමන් පාලමක් නොමැතිකමින් ජීවිතය අහිමි නොවේවායි පතමි.


           නයෝමි ශෂිකලා 

           කොළඹ විශ්වවිද්‍යාලය 

           ශ්‍රීපාලි මණ්ඩපය . 






ආදරයේ යුද්ධය

                 මිනිස්සු ආදරය, ගෞරවය වගේම විශ්වාස වෙනුවෙන් යුද්ධ කරනවා දැකලා තියෙනවද? මේක ආදරණීය යුද්ධයක් නෙවෙයි ආදරය නිසාම ඉපදුනු යුද්ධයක්...