නව මාධ්‍ය යනු,
මිනිසා ජෛව විදයාත්මකව වෙනස් වීමත් සමග ස්වකීය වෙනස් වන අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට සංහතික මාධ්‍ය ඇති විය. ආචාර්‍ය ටියුඩර් වීරසිංහයන් පවසන්නේ, පුවත්පත්, සගරා, වාර ප්‍රකාශන, ගුවන්විදුලි, රූපවාහිනී, සිනමාව සංහතික මාධ්‍ය ලෙස හැඳින්විය හැකි බවයි. 20වන සියවසේ තාක්ෂණික විප්ලවයන් ගේ දෝලනයන්ට සංහතික මාධ්‍ය ලක් වූ බැවින් නව මාධ්‍ය බිහි විය. නව මාධ්‍ය යනු ලෝකය පුරා පැතිරුණු ඕනෑම අයෙකුට පිවිසිය හැකි එකිනෙකා හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලයකි.
මාර්ෂල් මැක්ලූහන් පෙන්වා දී ඇති ආකාරයටගෝලීයකරණය කරා සන්නිවේදනය මෙහෙයවීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නට නව මාධ්‍යට හැකි වෙයි.
"නව මාධ්‍ය යනු පරිගණක තාක්ෂණය පිළිබඳ නවෝත්පාදන හේතුවෙන් විවිධාකාර විද්‍යුත් සන්නිවේදන ක්‍රම භාවිතා කළ හැකි නව මාදිලියක් බව" Techopedia දක්වයි.
Encylopedio සඳහන් කරන්නේ , "අන්තර්ජාලය වැනි බීටල් තාක්ෂණය භාවිතා කරමින් සන්නිවේදනය කිරීමේ මාධ්‍ය නව මාධ්‍ය වන බවයි."
වර්තමානයේ කාලය හා අවකාශය අතික්‍රමණය කර ඇති නව මාධ්‍ය සම්බන්ධයෙන් ඇමරිකාවේ මිඩ්ගන් විශ්ව විද්‍යාලයේ මාධය තාක්ෂණ විද්‍යාඥයකු වන මහාචාර්යRussellපවසන්නේ, "භාවිතාකරන්නන්ගේ අවශ්‍යතා අනුව, අවශ්‍ය ස්ථානයක, අවශ්‍ය මොහොතක,අවශ්‍ය තොරතුරු සොයාගත් ප්‍රකාශයට නිර්මාණශීලී මාධ්‍ය අවකාශයක් සහිතව සමාජීය සම්බන්ධතා ජාලයක් හා සහ සම්බන්ධිතව සන්නිවේදනය කරන මාධ්‍ය නව මාධ්‍ය වේ" යනුවෙනි.
නව මාධයයේ ලක්ෂණ කිහිපයකි.
- ජාලගතකරණය - Networkers
- අන්තර් ක්‍රියාකාරිත්වය - Interactive
- උපරි ලේඛනීයත්වය - Hypertextuality
- ස්වයං ක්‍රියාකාරීත්වය - Automation
- දත්ත සංගෘහිතබව - Databasedness
නව මාධ්‍ය සම්බන්ධයෙන්,
- Marshall Mcluhan
- Friedrich Kittler
- Bernard Stiegler
- Manuel Castells
යන විද්‍යාඥයින් නව මාධ්‍ය බිහිවීම, විකාශනය, අන්තර්ගතය හා එහි බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නට විය. කෙසේවෙතත් මාධ්‍ය නව වන්නේ කෙසේද යන්න මුලින්ම විවරණය කළේ කැනේඩියානු සන්නිවේදන ශාස්ත්‍රඥයා වන මාර්ෂල් මැක්ලුහන් විසිනි. ඔහු තම Understanding media කෘතියේ නව මාධ්‍ය පිළිබඳව පහදයි. සුනන්ද මහේන්ද්‍රයන් දක්වන්නේ, නව මාදය සඳහා වීමට අකමැති වුවහොත් ඉන් බොහෝ දේ අහිමි වන බවයි.
පී.ඒ. නයෝමි ශෂිකලා
කොළඹ විශ්වවිදයාලය- ශ්‍රීපාලි මණ්ඩපය
No comments:
Post a Comment