පලවෙනි දවස

අතරමග කතා

පලවෙනි දවස. පලවෙනි දවස කියන්නේ කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවස. පාසල් ගිය පලවෙනි දවස, හා හා පුරා කියලා මනමාලියක්/මනමාලයෙක් වෙන දවස, මුලින්ම විශ්වවිද්‍යාලයට ගිය දවස, රැකියාවකට ගිය පලවෙනි දවස, පලවෙනි පඩිය ගත්ත දවස මේ ව ජීවිතේට කොච්චර නම් විශේශද කියල හැමෝම දන්නවා. මට ත් ඒ වගේ. අද තමයි පලවෙනි දවස. දෙවියන්ගෙන් ලැබුණු කරුනාවෙන් හෝ මගේ ජීවිතය පුරාවට කාටවත් හොරකම් කරන්න බැරි උන මගේ දැනුම හෝ මට පියවරක් ඉදිරියට තබන්න උදව් කලා. මං මගේ ජීවිතයෙන්ම තේරගත්ත දෙයක් තියෙනවා. අපිට පුලුවන් කාලයේ අපි ලගින් ගොඩාක් මිනිස්සු හිටියට අපිට බැරි කාලයේ හිටියේ ටික දෙනයි. හැබැයි අපි පටන්ගන්න වැඩේ අවන්කවම හොදට කරනවනම් අපිට මුහුණ දෙන්න ලේසියි. මේ තමයි අතර මග යන ගමන් මට මං ගැන හිතුන දේ. නින්දෙන් නොවුනත් නින්දෙන් ඇහැරුනා වගේ එක දිගට මං මගේම මතක මතක් කරන්නට උනා. අනේ ඒ මතක හරිම ලස්සනයි. ඒත් හීන බලන්න වෙලාව අඩුයි දැන් ආයෙත් නිදාගත්තොත් ඊලග බස් එක මග හැරෙන්න පුලුවන්. ඒ නිසා අවදියෙන් යන්න ඕනි. ජය වේවා. 


නයෝමි ශෂිකලා

හතර වසරේ මම

 


හතර වසරේ මම

        මම කියන්නෙ කවුද? කියල කියන්නයි මේ ලෑස්තිය. දවසක් මම කෙනෙක්ට කිව්ව ඔයා කවුද මොනාද කරන්නෙ ප්ලීස් මට ඔයාව අදුන්නල දෙන්න කියල. එයා මට කියනව මමත් දන්නෙ නැහැ මම කවුද කියල. මාත් තවම මම කවුද කියල හොයන ගමන් ඉන්නෙ කියල. ඔව් ඇත්තටම මමත් තාම මම කවුද කියල හොයනව. අපි හැමකෙනෙක් ම එහෙමයි. අපි කවුද? අපිට මොනවද කරන්න පුලුවන් කියල අපි හොයන්න ඕනි. 

    මම නයෝමි ශෂිකලා. ටයිටල් එකේ තියෙනව වගේ මම හතර වසරේ. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ. කාලෙ කොච්චර දිගද වාසනාව සහ මගේ උත්සහය කොච්චර ද කියනවනම් ඒක මාව ගෙනහල්ලා නැවැත්තුවේ මම උසස්පෙළ පන්තියෙ ඉදන් බල බලා හිටපු විශ්වවිද්‍යාලයට. මම ඒක පිළිගත්තෙ හරිම අකමැත්තෙන්. කොහොමද මම එහෙම කරන්නෙ. හැබැයි මම උත්සහ කළා. මගේ අකමැතිම පරිච්ඡේදය මම කැමැත්තක් කර ගත්තා. මම ආස දේවල්, මම ඉන්න කැමති විදිහ මම ම්ගේ අකමැති chapter එකට රසකාරක විදිහට එකතු කර ගත්තා. අද මම ඒ රසකාරක නිසාම ඒකට ඇලිලා දාල යන්න බැරි තරමටම. සරසවිය කියන්නෙ කොහේ උනත් එකයි. මම හතර වසරෙදිත් මගේ හිතට ඒක කියාගන්නව. බෑග් තඩිය කරේ එල්ලගෙන යන එකම සරසවිය නෙවෙයි. බෑග් තඩිය හිස් නොවෙන්න ඒකට පුරවගන්න ඕනෙ තරම් දේවල් තියෙනව. අල්ලපු වැටේ සරසවියට බෑග් තඩියක් ගෙනියන්න මට ඕනි උනේ නැහැ. හැබැයි බෑග් තඩිය පිරෙන්න මතක, සුන්දර මිනිස්සු, ලස්සන හිත්, ලස්සන මතක, නරක මතක ගොන්නක් මම අරන් යනව තව ටික කාලයකින්. 

               සරසවිය ජීවත් වෙන්න මිනිස්සු එක්ක ගණුදෙනු කරන්න ඉගැන්නුව. ඉතින් සරසවිය මට නරක මතක දුන්නෙ නැහැ. තියෙන නරක හොදට convert කරගන්න මම උත්සහ කළා. වසර හතරක ජීවිත මතක ගොන්නක් මම අරගෙන යන්න බලාගෙන ඉන්නවා. මං ඉගෙනගත්තා මම කවුද කියල. මට මොනවද පුලුවන් මට මොනවද බැරි කියල. මම කොතනින් කොයිවගේ කෙනෙක් වෙලාද සරසවියට ගියේ සරසවිය මට මාව වෙනස් විදියකට පෙන්නුව. පාට පාටින් මං මාව ඇදගත්තා.  ඉතින් සරසවිය මාව මටම මුණගැහුණු එකට ස්තූතියි නොකිය කොහොමද? 

නයෝමි ශෂිකලා

 කොළඹ විශ්වවිද්‍යාලය 

ශ්‍රීපාලි මණ්ඩපය 





2022. 11.20 ඉරිදා මව්බිම පුවත්පත පත්තරේ ගියා...

 


පත්තරේ ගියා...

    වචන කියන්නෙ අවස්තාව අනුව ගැලපෙන දෙයක්. හරියට ගීතයට අනුව නිර්මාණය වන තනුවක් වගේ. මේ ගෙවෙන්නෙ දුශ්කර ම කාල පරාසයක්. මිනිස්සු විතරක් නෙවෙයි අපි කතා බහ කරන මාධ්‍යත් අපහසුවෙන් ම ගෙවන කාලයක්. 

   වැඩ ඔක්කොම ඉවර වෙලා බස් එකේ කොනේ ම සීට් එකේ ඉදන් බොලිවුඩ් පන්නයේ ගීතයක් අහන්න ගත්තා. තරමක් වයස පුද්ගලයෙක් සිගමන් යදින්න ඇවිල්ලා තිබුණා. දොස්තරල මැරෙන්න නියමිතයි කියල කියපු තමන්ගෙ පුතාව බේරගන්න. පුතාගෙ වයස දන්නෙ නැති උනත් ඔහු තරමක් මැදිවියේ අයෙක් කියල හිතන්න පුලුවන්. ඒත් තාත්තා කීයක් හරි හොයා ගන්න බස්වල හිගාකනවා. තවත් දවසක "අම්මේ අර චොකලට් එක ඕනේ" පුංචි දරුවෙක් පැවසුවා. චොක්ලට් කොහොම කන්න ද චොක්ලට් බලන්නනම් පුලුවන් වේවි. ආර්ථිකය කොයිතරම් ආගාදයේද තියෙන්නෙ? රුපියල තිතටම අවප්‍රමාණය වෙද්දි හදවත වේගයෙන් ගැහෙන්නෙ ඒ නිසා. 

    මේව හිත හිතා බස් එකේ එන මට අම්මා කියල හදවතක් එක්ක සේව් කරපු නම්බරෙන් කොල් එකක් එනවා. හදිස්සියෙ ඒක ආන්සර් කරපු මට එහා පැත්තෙන් ඇහුනෙ "පුතේ පත්තරේ ගිහින්". මට ප්‍රශ්න ගොඩයි. කවද්ද?මොකක්ද? මාධ්‍යවේදීයෙක් වෙන්න පෙරුම් පුරන මට ඒක ලොකු දෙයක්. මං දැන් ඉන්නෙ අහසෙ තනියෙන් පියාඔන ෆීනික්ස් කුරුල්ලෙක් වගේ. පත්තරේක සීමිත ඉඩ ඇතුලෙ මටත් ඉඩක් වෙන් වුණා. මගේ වචන ගොඩ දෙනෙක් කියෙව්ව. කාලයක් තිස්සෙ තිබ්බ හීනයක් හැබෑ උනා. මේ පිටිපස්සෙ මට ශක්තියක් උන පිරිස බොහොමයි. ඔවුන් මාව විශ්වාසය නොකෙරුවා නම් මටත් මගේ වචනවල රහ වගේම වටිනාකමත් කිසිදිනෙක නොදැනේවි. ඉතින් ඔබ සැමට බොහෝම  ස්තූතියි. 


නයෝමි ශෂිකලා 

කොළඹ විශ්වවිද්‍යාලය 

ශ්‍රීපාලි මණ්ඩපය 

     



JANA GANA MANA

             

       JANA GANA MANA කියන්නෙ මලයාලම් සිනමා නිර්මාණයක්. Dijo Jose Antony මහතාගේ අධ්‍යක්ෂණයෙන් 2022දී මේ සිනමාපටය නිර්මාණය වේ. එය සත්‍යය වශයෙන් කෙරූ දේශපාලන ව්‍යාජත්වයේ කතාවයි. සත්‍ය අසත්‍ය කෙරූ අසත්‍ය තුළින් නවය ස්වරූපයක් සමාජගත කළ සමාජ යථාර්ථයයි. දේශපාලනඥයන්, මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, අපරාධකරුවන් පිරිසක්, විද්‍යාර්ථයින්ගේ සිතුවිලි දාමයෙන් ඇති වූ මහා යුද්ධය JANA GANA MANA වේ. සබා මරියම් ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක සේවය කරන චරිතයකි. මහාචාර්යවරියකගේ භූමිකාවෙන් මිදී සිසුන් අතර තවත් සිසුවෙකු මෙන් සුහදශීලී වූ ඇය දූෂණය මරා දමා ඇති බව මාධ්‍ය තුළීන් මෙන් ම සමස්ත ඉන්දියාව තුළ ම වේගයෙන් ව්‍යාප්ත වේ. විශයට අමතරව ජීවිතය ඉගැන්වූ ඇය වෙනුවෙන් ඇගේ මරණය වෙනුවෙන් ඇගේ ශීෂ්‍යයන් පෙනී සිටී. ඔවුන් ඇගේ අනන්‍යතාවය බවට පත් වේ. බය නැති කර ඔවුන් තුළ සිටින විප්ලවවාදියා අවධි කරමින් විප්ලවයක් ආරම්භ කරයි. විප්ලවයට නායකත්වය ලබා දෙන්නේ ශීෂ්‍ය සංගමයේ සභාපති ගෞරී නම් තරුණිය විසිනි. ස්ත්‍රිය වනාහි පිරිමියාගේ යටත් වැසියකු බවට පිළිගැනීමක් පවතී. එහෙත් ගෞරී මෙන් ම ඇගේ ආචාර්යවරිය සබා ද වළලු දාන අතකට ද අසාධාණය හමුවේ එයට විරුද්ධ වීමට හැකියාවක් පවතින ඉව පෙන්වයි. ගෞරි සිනමාපටයේ අවහානය තෙක් ම තම ආචාර්යවරියගේ මරණය වෙනුවෙන් පෙනී සිටින අතර ම මහාචාර්ය සබා සිය ජීවිතයේ අවසානය තෙක් ම අසරණ දරුවෙකුගේ සරසවි සිහිනය වෙනුවෙන් පෙනී සිටී. අසාධාරණය වෙනුවෙන් කතා කරයි. ස්ත්‍රිය නම් ඇයයි. ඇයට ස්වාභාවිකව ම ලාලිත්‍ය මෙන් ම කාලිගේ ශක්තිය ද උරුමය. ශීෂ්‍ය විප්ලවයට පොලිසිය විසින් දරුණු ලෙස පහර දෙයි. නමුත් ඒ පොලිසිය ම සබාගේ ඝාතනයේ මිනීමරුවන් සොයන්නට ද ඉදිරිපත් වේ. දිගින් දිගට ම අපරාධකරුවන් සොයා ගිය පොලිස් නිලධාරීන් සබා දූෂණය කර මරා දැමූ අපරාධකරුවන් සොයා ගනී. සබාගේ මව පවා ඇයගේ දියණියට යුක්තිය ඉටු වූ බව මාධ්‍යයට පවසයි. කතාව දිගින් දිගට ම නරඹන ඔබට ද සබාය අනිවාර්යයෙන් ම යුක්තිය ඉටු වූ බව සිතෙනු ඇත. 

           අරවින්ද් ස්වාමිනාදන් නම් නීතිඥවරයා මේ අපරාධ නඩුවේ නීතිඥවරයා බවට පත් වේ. කතාව නව මාවතකට යොමු වන්නේ එතැන් සිටය. ඔහු සහය වන්නේ අපරාධකරුවන්ට ද මහාචාර්ය සබාට ද යන්න ප්‍රශ්නාර්ථයකි. එනමුත් ඔහු මිනිසාගේ මනස හා විශ්වාසයන් පිළිබඳව දිගින් දිගට ම ප්‍රශ්න කරමින් කතා කරයි. හිඩැස් තැන් ඇති තැනින් ඔීනෑම අයෙකුට ඇතුළට පැමිණිය හැකිය. හිස්තැන් ඇති නීතිය ද එවැන්නකි. නීතිය සැමට සාධාරණ නොවන්නේ නම් අපරාධකරුවන් සැගවී යාම පුදුමයට කරුණක් නොවේ. අසාධාරණයට විරුද්ධ වන කාන්තාව මෙන් ම තම වාසිය තකා කටයුතු කරනා කාන්තාව ද ස්ත්‍රීවාදී දෘෂ්ටියෙන් දැකිය හැකිය. ජාතික කාන්තා අයිතිය සුරැකීමේ සංගමයේ සභාපතිනිය පවා මෙම සිදුවීමෙන් කැළඹීමට පත් වූ බව ද යුක්තිය ලැබුණු බව ද සිය සමාජ මාධ්‍ය ගිණූම තුළ සටහන් කරයි. නමුත් මෙය ඉන්දියාවේ සිදු වූ පළමු දූෂණය නොවූ බැවින් එයට සංවේදී වූයේ එය ජාතික මාතෘකාවක් වූ බැවිනි. ඒ තමාට ද ප්‍රසිද්ධියක් හා කීර්තියක් ලැබීමේ අරමුණිනි. සබාගේ මව ද අධිකරණය ඉදිරියේ පවසන්නේ තමාගේ දියණියගේ අපරාධකරුවන් හසුවූ බව මාධ්‍යයේ තිබුණු බැවින් ඇය එය පිළිගන්නා බවයි. මාධ්‍යය යනු සත්‍ය ද? එය සැමවිටම සත්‍ය පමණක් ප්‍රකාශ කරන්නක් ද? එසේ නොවන නමුත් මාධ්‍ය ප්‍රකාශ කරනා අසත්‍ය සත්‍ය ලෙස පිළිගන්නට ජන මනස වෙනස් කරයි. මේ නිසා අර්බුධයෙන් හට ගන්නා ඔීනෑම අරගලයකදීඅරගලය පතුරවන්නේ ද එය විසඳී ඇති බවට දැනුම් දෙන්නේ ද මාධ්‍යයි. මාධ්‍ය ලැදි ජනයා එය තදින් විශ්වාස කරයි. මෙය මාධ්‍ය පුද්ගල මනස සමග කරනා පිලිකුල් සහගත ගණූදෙනුවකි. 
        කුලය, ජාතිය මත ශිෂ්‍යයන් අපහාසයට ලක් කරමින් ඔවුන්ගේ සිහින අගාධයේ පතුලට ම ගෙන යන ආචාර්යවරුන් ද සිටී. ඔවුන් මිථයාවේ ප්‍රතිමූර්තිය වේ. එය ශිෂ්‍යයකුටග් විනාශයට හේතු වූ අතර මේ සියලුම අසාධාරණ සැලසුම් සඳහා හේතු වේ. අවසානයේදී සබා දූෂණය වූවා නොව අනතුරකින් මිය ගිය බව ද එය බලයට කෑදර දේශපාලනඥයන් සිය ඡන්ද ගුණුඩුවක් ලෙස නිර්මාණය කරමින් පුවත් මැවූ බව ද හෙළි වේ. මාධ්‍ය කොහෙත් ම සැමවිට ම සත්‍ය හා සාධාරණ නොවේ. මේ නිසා එකිනෙකා කෙරෙහි මෙන් ම සමාජය ගැන ද සැලකිල්ලෙන් සිටීම අත්‍යවශය වේ. 

නයෝමි ශෂිකලා
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රීපාලි මණ්ඩපය.






 මාධ්‍ය සාක්ෂරතාවය සහ එහි න්‍යායාත්මක බලපෑම...

      සාක්ෂරතාවය යනු මානව ඉතිහාසයේ ආරම්භයේ සිටම සිට ම එදිනෙදා ජීවිතය සඳහා මානවයාට අත්‍යවශ්‍ය වූ සාධකයකි. සරලව ගත් කල එහි ඇත්තේ යමෙකුට කියවීමට හා ලිවීමට ඇති හැකියාවයි. මාධ්‍ය රටක සිව්වන ආණ්ඩුව වේ. මේ නිසාම එය වර්තමානයේ දී ව්‍යවස්ථාදායකය අධිකරණය  විධායකයට බලපෑම් එල්ල කරන්නට සමත් වී ඇත. එසේම සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික යන සෑම අංගයක් කෙරෙහිම බලපෑම් එල්ල කරන්නට මාධ්‍යයට හැකියාව ලැබී ඇත. නමුත් එය සුළු පටු කරුණක් ලෙස නම් සැලකිය නොහැක. එබැවින් මාධ්‍යයේ බලපෑම කවරාකාර ද යන්න හඳුනා ගැනීම මාධ්‍ය සාක්ෂරතාවයයි. ඩේවිඩ් කොන්සිඩින් දක්වන ආකාරයට "සන්න්නිවේදනයේදී මුද්‍රිත මෙන්ම මුද්‍රිත නොවන විවිධාකාර මාධ්‍යයන් මගින් තොරතුරු ලබා ගැනීමට ,ඒවා විග්‍රහ කිරීමට, සන්නිවේදනය  කිරීමට ද හැකියාව මාධ්‍ය සාක්ෂරතාවය වේ." මේ නිසාම මාදු සාක්ෂරතාව යනු මානවයාගේ මූලික අයිතිවාසිකමකි. එය විවේචනයක් ලෙසම සැලකිය නොහැක. ඒ තුළ පවතින්නේ සැබෑ අර්ථ වසා ව්‍යාජ අර්ථය සැබෑ අර්ථය කළ මාධ්‍යයේ මාධ්‍යයේ යථාර්ථය ගැඹුරින් හැදෑරීමක් පමණි. මාධ්‍ය සාක්ශරතාවය යනු මාධ්‍ය මගින් සෑම ආකාරයකින්ම ඉදිරිපත් කරනු ලබන සන්දේශ පරිහරණය කිරීමට, විශේෂණය කිරීමට , ඇගයුමට හා නිර්මාණය කිරීමට ලබාගන්න හැකියාවයි. 

              යුනෙස්කෝ ආයතනය නිර්වචනය කර ඇති පරිදි ජනමාධ්‍ය  සාක්ෂරතාවෙන්  මෙවැනි මූලික අවබෝධයක් තිබිය යුතුය. 

1. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ජනමාධ්‍ය විසින් ඉටු කරනු ලබන කාර්යය පිළිබඳ මූලික අවබෝධය.

2. එම කාර්යය නිසි ලෙස ඉටු කිරීමට ජනමාධ්‍යයට ඉඩ සැලසෙන්නේ කිනම් වාතාවරණයක් තුළ ද යන්න පිළිබඳ අවබෝධය. 

3. ජනමාධ්‍ය අන්තර්ගතයෙන් පිලිබිබු වන පරිදි තත්කාර්ය ජනමාධ්‍ය විසින් නිසි ලෙස ඉටු කරන්නේ දැයි වටහා ගැනීමට අවශ්‍ය මූලික දැනුම.

4. ස්වයං ප්‍රකාශනය සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය සඳහා ජනමාධ්‍ය ඇසුරු කිරීම පිළිබඳ දැනුම.

මේ ආකාරයට මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුක්ත ග්‍රාහක පිරිසක් බිහි වීමෙන් මාධ්‍යයේ වාණිජත්වයට නොවන විට එන මාධ්‍ය පිළිබඳව පිළිබඳව සබුද්ධික දැනුමක් ඇති පිරිසක් ගොඩනැගේ. එය මාධ්‍ය පඨිතය සත්‍ය සහ අඅසත්‍ය තෝරා බේරා ගෙන බේරාගෙන ග්‍රහණය කරගන්නට හැකියාව සලසනු ලබයි. 

           මාධ්‍ය න්‍යාය අනුව එකම සන්දේශය විවිධ ආකාරයෙන් විවිධ අයුරින් බලපෑම් කරන්නට සමත් වීමයි. මෙය මාධ්‍ය පඨිතයන් විවිධාකාරයෙන් විශ්ලේෂණය කරන්නට යොදා ගන්නා වූ විවිධාකාර ප්‍රකාශන මාර්ගයක් වශයෙන් මාධ්‍ය  න්‍යායන් හැඳින්වේ. ජොසුආ මෙරෝව්ට්ස් මාධ්‍ය න්‍යාය ඔස්සේ අන්තරන්තර්ගතයෙන් ජන මාධ්‍යයේ තාක්ෂණික පැතිකඩ හා සම්බන්ධ ක්‍රියාත්මක වන සාහිත්‍යයේ ඒක අන්තර්ගතය කෙරෙහි බලපාන එය හැඳින්වීම සඳහා මාධ්‍ය නියා යන සංකල්පය යොදා ගත හැකි බව පෙන්වා දී ඇත. එසේම මාෂල් මැක්ලූහන් සහ නීල් පෝස්ට්මන් ද වැඩිදුරටත් මාධ්‍යයේ නයාය යනු කුමක්ද යන්න විශ්ලේෂණය කරමින් පෙන්වා දී ඇත. මාශල් මැක්ලූහන් දක්වන ලද අදහසට අනුව මාධ්‍යම සංදේශය වේ. මේ අනුව මාධ්‍ය අනුව සාම්ප්‍රදායක එකක්ම නොවන අතර එය නූතන මාධ්‍ය නව මාධ්‍ය යන විවිධ ස්වරූපයන්ගෙන් විවිදාකාරය වෙනස් වීම් වලට ලක් වන බව දැක්විය හැකිය. ඒ ඒ තාක්ෂණික දියුණුවක් ඇති වූ කාලයන්හිදී මාධ්‍ය විවිධ විවිධාකාරයෙන් ඇතිවූ ඇති වූ තාක්ෂණික දියුණුව පිළිබඳ මාධ්‍ය න්‍යාය තුළින් විග්‍රහ කරයි. එසේම මාධ්‍යයේ සමකාලීන ස්වරූපයත් සමග  හඳුනාගත හැකිය. 

 උදාහරණයක් වශයෙන් මීට පෙර සොරකමක ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ඒ පිළිබඳව වහාම පොලීසියට දැන්වීමට දැමීමට කටයුතු කරයි.නමුදු සමාජ මාධ්‍යන්හි වර්තමාන දියුණුව සමඟ එවන් සිද්ධියක් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හරින්නට වර්තමාන සමාජය පෙළඹී ඇත.

       මේ ආකාරයෙන් මාධ්‍ය යටි පෙළ කියවා ගැනීමට මෙය පත්‍රය පිළිබඳ අවබෝධයකින් යුතු වීමෙන් හැකියාවක් හිමි වේ. ඒවා මාධ්‍ය ආචාර ධර්මීය න්‍යායන් ලෙස ලෙසද හඳුන්වයි. 

  • මැජික් බුලට් න්‍යාය
  • භාවිත සහ සංතෘප්ත න්‍යාය 
  • මාධ්‍ය රෝපණ න්‍යාය
  • නිහඬ දඟර න්‍යාය
  • වගා කිරීමේ න්‍යාය
  • එන්නත් කිරීමේ න්‍යාය
  • protection motivation theory
  • න්‍යාය පත්‍ර සැකසීමේ න්‍යාය
  • සමාජ ඉගෙනුම් න්‍යාය

මෙවැනි න්‍යායන් කිහිපයක් ම මාධ්‍ය පිළිබඳව අධ්‍යයනයේ දී යොදාගත හැකිය. 

🌼වගා කිරීමේ න්‍යාය

දිගුකාලීනව මාධ්‍යට නිරාවරණය වන පුද්ගලයන් දැඩි ලෙස මාධ්‍ය පරිභෝජනය සිදු කරන විටයථාර්ථය අවබෝධ කරගන්නට වැඩි අවස්ථාවක් පවතින අතර ඒ තුළින් ඔවුන්ගේ ආකල්ප හැසිරීම් හා සිතුම් පැතුම් සඳහා බලපෑමක් සිදු කරයි. මෙය වගා කිරීමේ න්‍යාය වශයෙන් හඳුන්වයි. 1960 දී ජෝර්ජ් ගබ්නර් විසින් මෙය ඉදිරිපත් කර තිබේ.

🌼 එන්නත් කිරීමේ ප්‍රවේශය

      මෙහිදී මාධ්‍යයෙන් ලබා දෙන්න පිළිබඳව පිළිබඳව කිසිදු ප්‍රශ්න කිරීමක් සිදු සිදු නොකරන අතර ඒවා ඒ ආකාරයෙන්ම ග්‍රාහකයා පිළිගන්නා බව අදහස් කෙරේ. මේ තුළින් මාධ්‍යයට තමාට අවශ්‍ය ආකාරයෙන් මත වාද ගොඩනැගීමට හා ඒවා සමස්ත සමාජය තුළ ම ව්‍යාප්ත කිරීමට හැකියාවක් ලැබෙයි. කෙසේ වෙතත් මෙය 1920 දශකයේ දී පමණ ඇතිවූවක් බව පෙන්වා දිය හැකිය.

🌼භාවිත සහ සංතෘප්ත න්‍යාය

       මෙය 1940 දශකයේ  කැට්ස් සහ බ්ලුම්ලර් විසින් නිර්මාණය කරන ලද්දකි. මෙය අනෙක් න්‍යායන්ට වඩා සුවිශේෂී එකක් වන්නේ මෙහිදී පවතින්නේ මාධ්‍ය සමාජයට බලපෑම් සිදු කිරීමක් නොව සමාජය මාධ්‍ය සමග වෙසෙමින් සිය අවශ්‍යතා හා අරමුණු ඉටුකර ගැනීමේ ක්‍රියාවලියකි. එබැවින් මෙය මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් වශයෙන් ද වශයෙන් ද හැඳින්විය හැකිය. 

මේ ආකාරයෙන් විවිධාකාර වූ න්‍යායන් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් මාධ්‍ය සැඟවුණු අර්ථය පිළිබඳව වඩාත් හොදින් විශ්ලේෂණය කර අවබෝධයක් ලබන්නට හැකියාව ලැබේ.

නයෝමි ශෂිකලා 

කොළඹ විශ්වවිද්‍යාලය

ශ්‍රීපාලි මණ්ඩපය.

මොකක්ද මේ සූරියකාන්ත පීත්ත පටිය ?

       

 

   සූරියකාන්ත පීත්ත පටියක් ගෙලේ පැලද සිටින අයෙක් දුටු විට මොකක්ද කරන්න අවශ්‍ය කියල ඔබට අවබෝධයක් තිබෙනවද? ඒත් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව දැනුවත්බාවය අඩු බවක් තිබිය හැකිය. ලංකාව තුළ මේ සූරියකාන්ත පීත්ත පටිය ප්‍රසිද්ධ සංකේතයක් නොවූවත් විදෙස් රටවල මෙය ඉතාමත් සුලබ වූ භාවිතයකි. මන්දයත් සූරියකාන්ත පීත්ත පටිය යනුනවීන විලාසිතා අංගයක් නොවේ. එය භාවිතා වන්නේමානසිකව හෝ ශාරීරික ආබාධයක් ඇති විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන් හඳුනා ගැනීමේ සංකේතයක් ලෙසයි. පෝලිමක, දුම්රිය පළක, වෙළඳ සැලක් තුළ මෙවැනි පීත්ත පටි පටි පැළඳ සිටින පුද්ගලයෙක් දුටුවිට දුටු විට එහි අර්ථය වන්නේ ඔහු හෝ ඇයට යම් උපකාරයක්, මගපෙන්වීමක්, ඊට වැඩි කාලයක් අවශ්‍ය බවයි. එසේම ඒ තුළින් අවට සිටින පුද්ගලයින්ට ද අපහසුතාවක් ඇති වීමට පවතින ඉඩකඩ ද අවම කරයි. තවද සැඟවුණු ආබාධ සහිත පුද්ගලයන් මුහුනදෙන දෛනික අභියෝග හඳුනා ගැනීමට තේරුම් ගැනීමට මේ පිළිබඳව දැන සිටීම උපකාරී වේ.
                  

සාමාන්‍යයෙන් නම් දෘෂය ආබාධයක් පවතින අයෙකු, ශ්‍රවණාබාධයක් පවතින අයකු නැතිනම් පාදවල ආබාධ පවතින අයෙකු හඳුනාගත හැකිය. නමුත් දියවැඩියාව,ඇදුම, වකුගඩු අකර්මණ්‍යතාවය, නින්ද ආබාධ වැනි සැඟවුණු ආබාධ සහිත පුද්ගලයින් මේ සූරියකාන්ත පීත්ත පටිය පළදින බවක් සඳහන් වේ. 2016 වර්ෂයේ දී Tabbers privet Limited මෙය ආරම්භ කළ බව දැක්වේ. 

                 යම් අයෙකුට සූරියකාන්ත පිත්ත පටියක් පැලදීම අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා කිසිදු සීමාවක් මෙන්ම ලැයිස්තුවක් සඳහා හිමිකම් කීම අවශ්‍ය නොවේ. ඒ තුළින් ලැබෙන එකදු හිමිකම වන්නේ එවැනි පුද්ගලයෙකුට උපකාරයක් අවශ්‍ය බව අනෙකා විසින් තේරුම් ගැනීම පමණකි.  එබැවින් සූර්යකාන්ත පීත්ත පටියක් පැලදීමෙන් යම් අයකුට ආරක්ෂාවක් මෙන්ම ප්‍රයෝජනයක් පවතින බව සිතේ නම් විදෙස් රටවල් තුලදී මේවා පැවතිය හැකිය. නමුත් ලංකාව වැනි රටක් තුළ තවමත් මෙවැනි ක්‍රියාමාර්ගයන් භාවිතා සදහා යොමු නොවනවා මෙන්ම ඒ පිළිබඳව හරි හැටි දැනුමක් නොපවතින බවක්ද පෙනේ. නමුත් අපට අවශ්‍ය විය යුත්තේ ද අනෙකාව අපහසුතාවයට පත් නොකරන මෙවැනි සංකල්පයන් ම ය. 🌻🌻🌻


නයෝමි ශෂිකලා

 කොළඹ විශ්වවිද්‍යාලය 

ශ්‍රීපාලි මණ්ඩපය 




Gangubai Kathiawadi 2022

              Gangubai Kathiawadi 2022 වර්ෂයේ සංජය ලීලා බන්සාලිගේ අලුත්ම සිනමාපටය විදිහට හදුන්වල දෙන්න පුලුවන්. බලල අවසන් කරපු සිනමා කෘතියක් ලියල අවසන් කරන්න හිතුනෙම ඒ කතා තේමාවෙ ආකර්ෂණීය බව නිසාමයි.ගණිකාවක් සම්බන්ධයෙන් ගෙතුනු මේ සිනමාපටය ඒ තරම්ම මගේ මතවාද අතර ඝට්ටනයක් ඇති කරන්න සමත් උනා. 



        





     ගංගුබායි කියන්නෙ මීට අවුරුදු 60කට විතර කලින් ඉන්දියාවේ කාමාතිපුරම් වල කාන්තාවන් වෙනුවෙන් ඇත්තටම සටන් කල යෝද කාන්තාවක් . ඇය ඉපදුනේ ලස්සන ගමක ගංගා විදිහට. ඇය මිය ගියේ කාමාතිපුරම්වල ප්‍රසිද්ධ වෘත්තිමය ගණිකාවක් වන ගංගුබායි  විදිහට. ගණිකාවක් වෘත්තිය ලෝකයේ පැරණිම වෘත්තිය විදිහට තමයි හදුන්වන්නේ. ඇය ගණිකාවක් උනත් ඇය කාන්තාවක්. ගංගු වගේම ගංගුබායි නිර්මාණය වෙන්නෙත් සමාජයේ අවශ්‍යතා නිසාමයි.

"සද වගේ සුදු පාට එකක්ද?

වලාකුළු වගේ සුදු පාට එකක්ද?

කඩදාසි වගේ සුදු පාට එකක්ද?

සුදු රෝස වගේ සුදු පාට එකක්ද?

හිම වගේ සුදු පාට ....ලූණු වගේ සුදු පාට එකක්ද?

කිරි වගේ සුදු පාට එකක්ද?"

මොනවගේ සුදු සාරියක් ද මං තෝර ගන්න ඕනෙ?

"හංසයෙක් වගේ සුදු පාට එකක්."

හංසයා පිරිසිදුකමේ, ප්‍රේමයේ සංකේතයයි. ඇයට ලැබෙන ප්‍රේමයේ විශ්වාසය ඇගේ අලුත් සුදු සාරිය තරම්ම පිරිසිදුයි. 

      ගංගුබායිගෙ හොදම යෙහෙළිය කම්ලිගෙ මිනිය පවා ආදාහනකරුවන්ට බාර දෙන්නට පෙර ගංගු කියන්නේ කම්ලි කකුල් හොදින් ගැටගහන්න කියල. මිනිස්සුන්ගේ හිත් ගැන තියෙන විශ්වාසය ඒ තරම්ම බිදිල ගිහිල්ල කියලයි කියන්නෙ. 

              අවසානයකට දිය හැකි අර්ථවත්ම අවසානය මෙයයි. එයනම් කතාවම හකුලුවා දැනෙන්නට කීම බව මම විශ්වාසය කරමි. 

"ඇමතිතුමා කලු රෝස දැකල තියෙනවද?

එහෙම මල් තියෙනවද?

තියෙනවා.

වෙලාවක අපේ පැත්තට ඇවිල්ල යන්නකෝ

ඒවයි පිරුණු උද්‍යානයක්ම බලාගන්න පුලුවන් එතකොට. "



   





          රෝස උනත් දුකේම පිච්චි පිච්චී ඒ තුලම ඇලෙන කලට කලු බවට පත්වේවි. ඇගේ සටන සිද්ද උනේ ඒ කලු මල් වෙනුවෙන්. කලු රෝස මල් වෙනුවෙන්. ඇගේ පිහිට පතන උද්‍යානය ම වෙනුවෙන්. ඇගේ වෘත්තිය ඇති කරන්නෙ සමාජයම නම් ඇගේ අයිතිය වෙනුවෙන් ඇය සටන් වැදීමද සමාජයට ම විවිධ කෝණයෙන් දැකිය හැකිය. එසේම තවත් සමාජයක් තවත් ගංගුබායි කෙනෙකු  ද බිහි කරාවි.

නයෝමි ශෂිකලා 

කොළඹ විශ්වවිදයාලය 

ශ්‍රීපාලි මණ්ඩපය 


පලවෙනි දවස

අතරමග කතා පලවෙනි දවස. පලවෙනි දවස කියන්නේ කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවස. පාසල් ගිය පලවෙනි දවස, හා හා පුරා කියලා මනමාලියක්/මනමාලයෙක් වෙන දවස, මු...