නව මාධ්‍ය යනු,


                                            නව මාධ්‍ය යනු,

                   මිනිසා ජෛව විදයාත්මකව වෙනස් වීමත් සමග ස්වකීය වෙනස් වන අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට සංහතික මාධ්‍ය ඇති විය. ආචාර්‍ය ටියුඩර් වීරසිංහයන් පවසන්නේ, පුවත්පත්, සගරා, වාර ප්‍රකාශන, ගුවන්විදුලි, රූපවාහිනී, සිනමාව සංහතික මාධ්‍ය ලෙස හැඳින්විය හැකි බවයි.  20වන සියවසේ තාක්ෂණික විප්ලවයන් ගේ දෝලනයන්ට සංහතික මාධ්‍ය ලක් වූ බැවින් නව මාධ්‍ය බිහි විය. නව මාධ්‍ය යනු ලෝකය පුරා පැතිරුණු ඕනෑම අයෙකුට පිවිසිය හැකි  එකිනෙකා හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලයකි.              

            මාර්ෂල් මැක්ලූහන් පෙන්වා දී ඇති ආකාරයටගෝලීයකරණය කරා සන්නිවේදනය මෙහෙයවීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නට නව මාධ්‍යට  හැකි වෙයි.

"නව මාධ්‍ය යනු පරිගණක තාක්ෂණය පිළිබඳ නවෝත්පාදන හේතුවෙන් විවිධාකාර විද්‍යුත් සන්නිවේදන ක්‍රම භාවිතා කළ හැකි නව මාදිලියක් බව"  Techopedia දක්වයි. 

Encylopedio සඳහන් කරන්නේ , "අන්තර්ජාලය වැනි බීටල් තාක්ෂණය භාවිතා කරමින් සන්නිවේදනය කිරීමේ මාධ්‍ය නව මාධ්‍ය වන බවයි." 

           වර්තමානයේ කාලය හා අවකාශය අතික්‍රමණය කර ඇති නව මාධ්‍ය සම්බන්ධයෙන් ඇමරිකාවේ මිඩ්ගන් විශ්ව විද්‍යාලයේ මාධය තාක්ෂණ විද්‍යාඥයකු වන මහාචාර්යRussellපවසන්නේ, "භාවිතාකරන්නන්ගේ අවශ්‍යතා අනුව, අවශ්‍ය ස්ථානයක, අවශ්‍ය මොහොතක,අවශ්‍ය තොරතුරු සොයාගත් ප්‍රකාශයට නිර්මාණශීලී මාධ්‍ය අවකාශයක් සහිතව සමාජීය සම්බන්ධතා ජාලයක් හා සහ සම්බන්ධිතව සන්නිවේදනය කරන මාධ්‍ය නව මාධ්‍ය වේ" යනුවෙනි. 

          නව මාධයයේ ලක්ෂණ කිහිපයකි.

  • ජාලගතකරණය  - Networkers
  • අන්තර් ක්‍රියාකාරිත්වය - Interactive
  • උපරි ලේඛනීයත්වය - Hypertextuality
  • ස්වයං ක්‍රියාකාරීත්වය - Automation
  • දත්ත සංගෘහිතබව - Databasedness

  නව මාධ්‍ය සම්බන්ධයෙන්, 

  1. Marshall  Mcluhan 
  2. Friedrich Kittler 
  3. Bernard Stiegler 
  4. Manuel Castells

යන විද්‍යාඥයින් නව මාධ්‍ය බිහිවීම, විකාශනය, අන්තර්ගතය හා එහි බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නට විය. කෙසේවෙතත් මාධ්‍ය නව  වන්නේ කෙසේද යන්න මුලින්ම විවරණය කළේ කැනේඩියානු සන්නිවේදන ශාස්ත්‍රඥයා වන මාර්ෂල් මැක්ලුහන් විසිනි. ඔහු තම Understanding  media කෘතියේ  නව මාධ්‍ය පිළිබඳව පහදයි. සුනන්ද මහේන්ද්‍රයන් දක්වන්නේ, නව මාදය සඳහා වීමට අකමැති වුවහොත් ඉන් බොහෝ දේ අහිමි වන  බවයි.  

පී.ඒ. නයෝමි ශෂිකලා

කොළඹ  විශ්වවිදයාලය- ශ්‍රීපාලි මණ්ඩපය



සන්නිවේදනය යනු

 

සන්නිවේදනය....

                     

 සන්නිවේදනය කියන දේ අපි හැමෝම භාවිතා කරනවා. අද මම කතා කරන්නෙ මේ සන්නිවේදනය කියන්නෙ මොකක්ද කියල.
                         සන්නිවේදනයේ ආරම්භය කවදා කොතනකින් සිදු වුණිදැයි අපට කිව නොහැක. ඒ තරම්ම ඈතට සන්නිවේදනයේ ආරම්භය සිදු වේ. සන්නිවේදනය යනු දෙදෙනෙකු හෝ කීපදෙනෙකු අතර සිදු වන අදහස් හෝ ආකල්ප, තොරතුරැ හුවමාරැ කිරීමයි. සරලව ම දක්වන්නේ නම් තොරතුරැ හුවමාරැ වන්නා වූ ක්‍රියාවලිය සන්නිවේදනය වශයෙන් හදුන්වයි. මේ නිසා වෙන්වී සිටින මිනිසුන් පොදු දැනුමැත්තන් බවට පත් වේ. පෙර සමාජයේ පැවති සරල අවශ්‍යතාවයන්වෙනුවට සංකීර්ණ අවශ්‍යතා මානවයා තුළ ඇති වන්නට විය. මේ නිසා සන්නිවේදනයේ ගමන් මග ක්‍රමක්‍රමයෙන් සිදු වන්නට විය. මුල් කාලයේ දී ගින්දර, දුම, හූව යොදා ගනිමින් අවාචිකව සන්නිවේදනය කළ මානවයා වාචිකව සන්නිවේදනය සිදු කරන්නට විය. ඒ සදහා ඔවුන්ට භාෂාවක් අවශ්‍ය විය. මේ නිසා අවට පරිසරයෙන් ඇසෙන ශබ්ද උපයෝගී කරගන,      බව්: බව් න්‍යාය
                                                                                                                යේ- හේ- හෝ න්‍යාය
                                   ඩිංග්- ඩොංග් න්‍යාය
                           පුහ්ං- පුහ්ං නයාය ලෙස සන්නිවේදන න්‍යායන් බිහි වන්නට විය. ලේඛණ යුගය පසුව බිහි වන අතර ජොහැන්නස් ගුටෙන්බර්ග් මුදූණ යන්ත්‍රය සොයා ගැනීම සන්නිවේදන  ඉතිහාසයේ නව්‍ය පෙරළියක් බවට පත් වන්නට විය. මෙලෙස ප්‍රථමටයන් මුද්‍රණය වූයේ ක්‍රි.ව 1455 දී පමණ බයිබලයයි. තාක්ෂණික අවධියේ දී රෑපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත යන ජන මාධ්‍යයන් ඇති වන්නට විය. එහෙත් සන්නිවේදනය යනු එක තැනක පවතින්නක් නොවේ. ප්‍රායෝගික වශයෙන් අද අපට නව මාධ්‍යයක් වන මාධ්‍යක් හෙට නව නොවීය හැකිය.
                                                 සන්නිවේදනය          මානව සන්නිවේදනය 
                                                                                 සත්ත්ව සන්නිවේදනය වශයෙන් බෙදීමකට ලක් වේ.
සන්නිවේදනයේ ස්වරෑපයන් කිහිපයක් ද පවතී.
වාචික සන්නිවේදනය
අවාචික සන්නිවේදනය
දෘශ්‍ය සන්නිවේදනය
ශ්‍රව්‍ය සන්නිවේදනය
ලිඛිත සන්නිවේදනය
විධිමත් සන්නිවේදනය
අවිධිමත් සන්නිවේදනය

සන්නිවේදනයේ තල ද පවතී.
අන්තර්වර්තී සන්නිවේදනය
අන්තර්පුද්ගල සන්නිවේදනය (පුද්ගලාන්තර සන්නිවේදනය)
සමූහ සන්නිවේදනය
ජන සන්නිවේදනය ( ජන සන්නිවේදනය විශ්ව සන්නිවේදනය වශයෙන් හදුන්වයි. ආචාර්ය ටියුඩර් වීරසිංහයන් මේ ජන සන්නිවේදනය සංහතික සන්නිවේදනය ලෙස හැදින්වීම නිවැරදි යැයි ද දක්වා ඇත.)

සන්නිවේදනය පිළිබද විමසීමේ දී සන්නිවේදනය සදහා ම වෙන් වූ කාර්යයන් පවතී.
විනෝදාස්වාදය
තොරතුරැ හුවමාරැව
අධ්‍යාපනය ලබා දීම
පෙළඹවීම
සංස්කෘතික සමප්‍රේෂණය
සමාජ ඒකාබද්ධතාවය යනාදියයි.
   
                            සන්නිවේදකයාගෙන් ග්‍රාහකයා දක්වා ගමන් කරනා සන්නිවේදනය ඒකමාර්ගිය අයුරින් සිදු වුව ද ද්විමාර්ගික අයුරින් සිදු වුව ද සුවිශේෂී වේ.

                              

P. A. නයෝමි ශෂිකලා
කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රීපාලි මණ්ඩපය


ඔබගේ අදහස් යෝචනා සටහන් කරන්න.......

ප්‍රවෘත්ති හැඳින්වීම..

                   ප්‍රවෘත්තියක් යනු, අප අවට සමාජයේ පවත්නා අලුත් වැදගත් සිදුවීමකි. සිද්ධි සෑම තැන්හි ව පවතී. ගෙවන සෑම තත්පරයක් තුළ ම සිද්ධීන් සිදු වේ. එහෙත් සමාජයේ පවත්නා සෑම දෙයක්ම ප්‍රවෘත්තියක් නොවේ. ඒවා සිදුවීම්ය. සිදුවීම් අතරින් සියල්ලන්ට ම පොදු වූ කාලීන මෙන්ම සියල්ලම තුළ උනන්දුවක් ඇති කරන සිදුවීම් ප්‍රවෘත්ති බවට පත් වේ.                                                                                                                ඉංග්‍රීසි භාෂාවෙන්  North, East, West, South එහි එහි අණ සතර දිශාවෙන් ගලාගෙන එන තොරතුරු ප්‍රවෘත්ති ලෙස අර්ථ දක්වා ඇත. ප්‍රවෘත්ති වූ කලී සාමාන්‍යයෙන් සිදු නොවන අසාමාන්‍ය දෙයක් බව චාල්ස් ඒ. ඩානාගේ නිර්වචනයෙන් පෙනේ.                                                                        "බල්ලකු මිනිසෙකු සපා කෑ විට එය ප්‍රවෘත්තියකි එහෙත් මිනිසකු බල්ලකු සපා කෑම ප්‍රවෘත්තියක් නොවේ."                                                                                                                                                 "ජනතාවට බලපාන්නාවූ ඔවුන් තුළ උනන්දුවක් ඇති කරන්නාවූ කරන්නා වූ මෑත කාලීන හා වැදගත් සිදුවීමකට අදාල අලුත් තොරතුරක් ප්‍රවෘත්තියක්  වන බව " Here is the news අත්පොතේ පෝල් ඩී. මැසිනියර් දක්වයි. 

        "අලුතෙන්ම ලැබුණු නව්‍ය හෝ ඉතා වැදගත් තොරතුරු ප්‍රවෘත්ති" ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ දක්වා ඇත. 

    "සුභ ආරංචියක් ප්‍රවෘත්තියක් නොවේ. " යනාදී වශයෙන් ද ප්‍රවෘත්ති සම්බන්ධයෙන් නිර්වචන පවතී.                                                                                      ෆෙඩා මොරිස් දක්වන්නෙ ප්‍රවෘත්ති යනු, "අපගේ ජීවිතයේ කෙරෙහි බලපාන සමීප වැදගත් දේ බවයි."                                                                                                                         එමෙන්ම ප්‍රවෘත්තියක් යනු, ජනතාවට බලපාන්නාවූ ඔවුන් තුළ උනන්දුවක් ඇති කරන්නාවූත්්්මෑත කාලීන හා වැදගත් සිදුවීමකට අදාල අලුත් තොරතුරක් වශයෙන් ආසියා ශාන්තිකර  ගුවන්  විදුලි සංවර්ධන ආයතනය දක්වයි.                                          එසේම  ඉහත සඳහන් ආකාරයට ප්‍රවෘත්තියක් තුළ ප්‍රවෘත්ති අංගයන් කිහිපයක් පැවතිය යුතුය.                                                   කාලීන බව                                                             බලපෑම                                                                      අදාළ බව                                                                සමීප බව                                                                අසාමාන්‍ය බව                                                    තරගකාරීත්වය                                                    නිරවුල් බව                                                            විරෝධය                                                              කාලගුණය යනාදියයි.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          P.A. නයෝමි ශෂිකලා                                   කොළඹ විශ්වවිද්‍යාලය                                    ශ්‍රීපාලි  මණ්ඩපය.

ආදරයේ යුද්ධය

                 මිනිස්සු ආදරය, ගෞරවය වගේම විශ්වාස වෙනුවෙන් යුද්ධ කරනවා දැකලා තියෙනවද? මේක ආදරණීය යුද්ධයක් නෙවෙයි ආදරය නිසාම ඉපදුනු යුද්ධයක්...