Gangubai Kathiawadi 2022

              Gangubai Kathiawadi 2022 වර්ෂයේ සංජය ලීලා බන්සාලිගේ අලුත්ම සිනමාපටය විදිහට හදුන්වල දෙන්න පුලුවන්. බලල අවසන් කරපු සිනමා කෘතියක් ලියල අවසන් කරන්න හිතුනෙම ඒ කතා තේමාවෙ ආකර්ෂණීය බව නිසාමයි.ගණිකාවක් සම්බන්ධයෙන් ගෙතුනු මේ සිනමාපටය ඒ තරම්ම මගේ මතවාද අතර ඝට්ටනයක් ඇති කරන්න සමත් උනා. 



        





     ගංගුබායි කියන්නෙ මීට අවුරුදු 60කට විතර කලින් ඉන්දියාවේ කාමාතිපුරම් වල කාන්තාවන් වෙනුවෙන් ඇත්තටම සටන් කල යෝද කාන්තාවක් . ඇය ඉපදුනේ ලස්සන ගමක ගංගා විදිහට. ඇය මිය ගියේ කාමාතිපුරම්වල ප්‍රසිද්ධ වෘත්තිමය ගණිකාවක් වන ගංගුබායි  විදිහට. ගණිකාවක් වෘත්තිය ලෝකයේ පැරණිම වෘත්තිය විදිහට තමයි හදුන්වන්නේ. ඇය ගණිකාවක් උනත් ඇය කාන්තාවක්. ගංගු වගේම ගංගුබායි නිර්මාණය වෙන්නෙත් සමාජයේ අවශ්‍යතා නිසාමයි.

"සද වගේ සුදු පාට එකක්ද?

වලාකුළු වගේ සුදු පාට එකක්ද?

කඩදාසි වගේ සුදු පාට එකක්ද?

සුදු රෝස වගේ සුදු පාට එකක්ද?

හිම වගේ සුදු පාට ....ලූණු වගේ සුදු පාට එකක්ද?

කිරි වගේ සුදු පාට එකක්ද?"

මොනවගේ සුදු සාරියක් ද මං තෝර ගන්න ඕනෙ?

"හංසයෙක් වගේ සුදු පාට එකක්."

හංසයා පිරිසිදුකමේ, ප්‍රේමයේ සංකේතයයි. ඇයට ලැබෙන ප්‍රේමයේ විශ්වාසය ඇගේ අලුත් සුදු සාරිය තරම්ම පිරිසිදුයි. 

      ගංගුබායිගෙ හොදම යෙහෙළිය කම්ලිගෙ මිනිය පවා ආදාහනකරුවන්ට බාර දෙන්නට පෙර ගංගු කියන්නේ කම්ලි කකුල් හොදින් ගැටගහන්න කියල. මිනිස්සුන්ගේ හිත් ගැන තියෙන විශ්වාසය ඒ තරම්ම බිදිල ගිහිල්ල කියලයි කියන්නෙ. 

              අවසානයකට දිය හැකි අර්ථවත්ම අවසානය මෙයයි. එයනම් කතාවම හකුලුවා දැනෙන්නට කීම බව මම විශ්වාසය කරමි. 

"ඇමතිතුමා කලු රෝස දැකල තියෙනවද?

එහෙම මල් තියෙනවද?

තියෙනවා.

වෙලාවක අපේ පැත්තට ඇවිල්ල යන්නකෝ

ඒවයි පිරුණු උද්‍යානයක්ම බලාගන්න පුලුවන් එතකොට. "



   





          රෝස උනත් දුකේම පිච්චි පිච්චී ඒ තුලම ඇලෙන කලට කලු බවට පත්වේවි. ඇගේ සටන සිද්ද උනේ ඒ කලු මල් වෙනුවෙන්. කලු රෝස මල් වෙනුවෙන්. ඇගේ පිහිට පතන උද්‍යානය ම වෙනුවෙන්. ඇගේ වෘත්තිය ඇති කරන්නෙ සමාජයම නම් ඇගේ අයිතිය වෙනුවෙන් ඇය සටන් වැදීමද සමාජයට ම විවිධ කෝණයෙන් දැකිය හැකිය. එසේම තවත් සමාජයක් තවත් ගංගුබායි කෙනෙකු  ද බිහි කරාවි.

නයෝමි ශෂිකලා 

කොළඹ විශ්වවිදයාලය 

ශ්‍රීපාලි මණ්ඩපය 


පලවෙනි දවස

අතරමග කතා පලවෙනි දවස. පලවෙනි දවස කියන්නේ කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවස. පාසල් ගිය පලවෙනි දවස, හා හා පුරා කියලා මනමාලියක්/මනමාලයෙක් වෙන දවස, මු...