කොරෝනා තත්ත්වය හා මාධ්‍ය සංස්කෘතියේ ව්‍යාප්තිය........

                කොරෝනා තත්ත්වය හා මාධ්‍ය  සංස්කෘතියේ ව්‍යාප්තිය........




    වසංගත තත්වයන් යනු කිසියම් වසංගත රෝගයක් එකට ක් ඉක්මවා සමස්ත ලෝකයේම විශාල කලාපයක් වෙත පැතිර යාමයි.එබැවින් පුළුල් වන ගෝලීය කලාපයක රෝග ව්‍යාප්තිය වේගයෙන් ඉහළ යාමට සිදුවේ.එසේම කෙටි කාලයක් තුළ විශාල පිරිසක් වෙත පැතිර යාම ද වසංගත තත්ත්වයක විශේෂ වූ ලක්ෂණයකි. කොරෝනා යනු වෛරස් කාණ්ඩයට එක් වූ මෙවැනි අලුත් ම පැතිර යන භයානක රෝගී තත්ත්වයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයටවසර ගණනක් තුළ මානවයා මුහුණ දුන් මෙවැනි තත්ත්වයන් අතරින් භයානකම බලපෑමක් කළ හැකි තත්ත්වයක් ලෙස covid 19 හැඳින්විය හැකිය. මේ නිසා ඇඳිරි නීතිය, හදිසි නීතිය, නිරෝධායන නීතිය වැනි උත්සාහයන් වෛරස් තත්ත්වය පැතිරයාම පැතිරයාම පාලනයට යොදාගනී. 

                    රටක සිව්වන ආණ්ඩුව වන මාධ්‍ය මාධ්‍යයද හුද කලා වූ ග්‍රාහකයා වෙනුවෙන් පෙරට පැමිණි බවක් පෙනෙන්නට පවතී. පූර්ව කොරෝනා  සමයටත් වඩා මාධ්‍ය සිය න්‍යාය පත්‍රය තුළ තව තවත් ග්‍රාහකයා ඇඳ බැද තබාගන්නට ආකර්ෂණීය නිමාවන් යොදා ගනී.ඒ තුළ න්‍යාය පත්‍රයෙන් වැසුනු මාධ්‍ය සැඟවුණු වාණිජත්වය ඉටුකර ගැනීම අරමුණ වේ. මේ සත්‍ය පිළිබඳ කිසිදු දැනීමක් නොමැති ග්‍රාහකයා මාධ්‍යයෙන් මවන අරුමෝසම්  පැන්ටසි සංස්කෘතියට ගොදුරු වන අතර අර්ථ ශූන්‍ය, අර්ථ හරණය මෙන්ම අර්ථ විරහිත වූ මිනිසකු බිහි කරන්නට ද දායක වේ. සමස්ත ලෝකයම ගෝලීයකරණය වෙද්දි ගෝලීයකරණය වූ මාධ්‍ය බටහිරකරන සංස්කෘතිය දේශීය සංස්කෘතිය තුළට සමීප වීම මේ නිසා සිදු වූ අතර එය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මාධ්‍ය සංස්කෘතිය ලෙස හඳුන්වයි. 

            මානවයා වනාහි උපතේ සිට මිය යන තෙක්ම සංස්කෘතික හුරුපුරුදු පිළිබඳ ලැදියාවකින් කටයුතු කරනු ලබන සංස්කෘතික සත්වයෙකි. මාත් ඒ සංස්කෘතියට අනුගත වීමත් සමග සමග මිනිසා තුළ මෙතෙක් පැවැති සාහිත්‍යය, නීති රීති, සිරිත් විරිත්, ආචාරධර්ම , හුරුපුරුදු පද්ධතියක් වෙනස් වන්නට විය. මානව පරිණාමය හේතුවෙන් ඇඳුම් පැළඳුම් පැළඳුම් භාවිතයට හුරු වූ මානවයාගේ සිට අද දක්වා විවිධාකාර විලාසිතාවන් හා ඇඳුම් පැළඳුම් සඳහා කැමැත්තක් දක්වන්නට මාධ්‍ය ක්‍රියා කලාපය හේතු විය. විශේෂයෙන්ම මාධ්‍ය මඟින් මගින් විකාශය වන වාණිජමය පරමාර්ථයෙන් වෙළෙඳ දැන්වීම් ද විදේශීය ටෙලි නාට්‍යයක් ද ද මේ සඳහා හේතු වේ. එසේම මානවකයාගේ මානවකයාගේ ජීවිතයේ සෑම සුවිශේෂී මොහොතක්ම සමාජ මාධ්‍යට මුදා හරිමින් මාධ්‍ය සංස්කෘතික ගැතියන් බවට වර්තමානයේ දී පත්ව ඇත. මාධ්‍ය මිනිසාගේ මනස නව ආකාරයෙන් වෙනස් කර ඇති බැවින් සහජයෙන් මැවෙන පරිකල්පනීය චින්තන ශක්තිය මාධ්‍ය සංස්කෘතිය හේතුවෙන් අපතේ යයි. ඒ තුළින් මාධ්‍ය සන්දේශ යටිපෙළ යටි පෙළ කියවා ගැනීමට නොහැකි තරමේ විචාරශීලී බුද්ධියකින් තොර ග්‍රාහක පිරිසක් මාධ්‍ය සංස්කෘතිය මගින් නිර්මාණය කරයි. 

                 ශ්‍රී ලංකාව වැනි රටක පැවති ආචාර ආචාරවිධි පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් වී මාධ්‍ය මඟින් බටහිරකරණයට ගැති වූ ආකර්ෂණීය ආචාරවිධි පද්ධතියක් ඇති කිරීමට කටයුතු කරයි. කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ දෛනික රාජකාරි රාජකාරී කටයුතුවලින් රාජකාරී කටයුතුවලින් නිදහස් වන මිනිසා මේවා කෙරෙහි තව තවත් සමීප වන අතර එය අධ්‍යාපනයේ සිට සියල්ල මාර්ගගත වීමටද හේතුවේ. 

                    එබැවින් පූර්ව කොරෝනා සමයට වඩා අප මේ දැන් වෙසෙන්නේ නූතන මාධ්‍ය, නව මාධ්‍ය, සමාජ මාධ්‍ය හා බැඳුණු මාධ්‍යකරණය වූ සංස්කෘතික යුගයක් තුළ බව කිව යුතුමය.



නයෝමි ශෂිකලා.

කොළඹ විශ්වවිද්‍යාලය,

ශ්‍රීපාලි මණ්ඩපය.


පලවෙනි දවස

අතරමග කතා පලවෙනි දවස. පලවෙනි දවස කියන්නේ කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවස. පාසල් ගිය පලවෙනි දවස, හා හා පුරා කියලා මනමාලියක්/මනමාලයෙක් වෙන දවස, මු...