සමාජ මාධ්‍ය වගකීමෙන් තොරද?


 

                          සමාජ මාධ්‍ය වගකීමෙන් තොරද?

       

          සමාජ මාධ්‍ය නැතහොත් Social media කියන්නෙ භාවිතයකට වඩා ඇබ්බැහිවීමක් ලෙස හඳුන්වාදිය හැකිය. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා තම තමන්ගේ දෛනික න්‍යාය පත්‍රය මාධ්‍යයට අවශ්‍ය ආකාරයෙන් හසුරුවාගනී. පුදුමය නම් ඔවුන් පවා ඒ බව නොදැන සිටීමයි. කෙසේ වෙතත් මේ වන විට සෑම අයෙකුම භාවිතා කරන facebook, Instergram, twitter, whatsapp, youtube වැනි අන්තර්ජාලය උපයෝගි කර ගනිමින් සන්නිවේදනය කරන සෑම මාධ්‍යයක් ම සමාජ මාධ්‍ය ගණයට අයත් වේ. පර්යේෂණ වාර්තාවන්ට අනුව 2022 ජනවාරි මස වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21. 54 ක් බව වාර්තා වී ඇත. ඉන් මිලියන 8.20ක ජනගහනයක් සමාජ මාධ්‍ය භාවිතා කර ඇත. පර්යේෂණ වාර්තා ආශ්‍රය කර ගැනීමෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රමාණයේ වැඩියක් මිස අඩුවක් නොවන බව දැක ගත හැකිය. 

          පරිශීලකයන් වැඩි වන තරමට සමාජ මාධ්‍ය භාවිතය සැබැවින්ම වගකීම් සහගත විය යුතුය. බාහිර වශයෙන් නියාමනය වීමක් සිදු නොවුන ද සමාජ මාධ්‍ය පරිශීලකයන් ස්වයං නියාමනයකට ලක් වීම වැදගත් වේ. මන්දයත් facebook, Instergram, twitter ගිණුම පෞද්ගලික වුව ද ඒවායේ බෙදාහරින මතයන් පොදුවේ සියලුදෙනා අතරම පැතිරිය හැකිය. එය පැවති මතවාදයන් වෙනස් කර නව මතවාදයන් සමාජගත කරන්නට, පැවති මතවාදයන් වර්ධනය කර නව ප්‍රතිරූපයක් ඇති කරන්නට ද හේතු වේ. නව මාධ්‍ය, සමාජ මාධ්‍ය යන කවර මාධ්‍යයක් වුව ද රටක සිව්වන ආණ්ඩුව බවට පත් වන්නේ එබැවිනි. පවත්නා අංශුවක තරම් දුර්මතයකට ගින්දරට පුලුන් එක්කලාක් මෙන් රටම ගිනි අවුලවන සිදුවීමක් විය හැකිය. ඒ සඳහා ඕනෑතරම් උදාහරණ ලාංකේය සමාජයේ වර්තමානයේ සිට අනාගතය දෙස හැරී බැලීමේදී පෙනේ. සමාජ මාධ්‍ය යනු නිදහස් අදහස් ප්‍රකාශන මාධ්‍යකි. එහෙත් සමාජ මාධ්‍ය ගිණුම ඔබේ වූ පමණින් වගකීම් විරහිතව අසත්‍ය මතවාදයන් සටහන් කළ නොහැක. 

              ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් තුළ සිටින්නේ පුහුණුව ලැබූ වෘත්තීයමය මාධ්‍යවේදීන් පිරිසකි. එහෙත් සමාජ මාධ්‍ය පරිශීලකයන් ද පුහුණුවක් රහිත මාධ්‍යවේදීන් පිරිසක් බවට පත්වේ. එබැවින් ස්වයං වාරණයකින් මෙන්ම ස්වයං නියාමනයකින් යුතුව සත්‍ය මතවාදයන් තවත් අයෙකුගේ ප්‍රතිරූපයට හානි නොවන ආකාරයෙන් ප්‍රකාශය කිරීම අගනේය. එය සමාජයේ සාමාජිකයකු වශයෙන් මෙන් ම පුරවැසි මාධ්‍යවේදියෙකු වශයෙන් ද සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ වගකීමකි. ඔවුන්ට එම වගකීමෙන් මිදිය නොහැකි බව ද කිව යුතුමය. 


නයෝමි ශෂිකලා

කොළඹ විශ්වවිද්‍යාලය

ශ්‍රීපාලි මණ්ඩපය



පලවෙනි දවස

අතරමග කතා පලවෙනි දවස. පලවෙනි දවස කියන්නේ කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවස. පාසල් ගිය පලවෙනි දවස, හා හා පුරා කියලා මනමාලියක්/මනමාලයෙක් වෙන දවස, මු...