සංස්කෘතියේ මාධ්‍ය බලපෑම


          සංස්කෘතියේ මාධ්‍ය බලපෑම

                                          සංස්කෘතිය යනු ...

           සංස්කෘතිය යනු  සමස්ත මානවයාගේ සමාජ උරුමයක් ලෙස සැලකිය හැකිය. සංස්කෘතිය පිළිබඳ අර්ථ දැක්වීමේදී ජනප්‍රිය අදහස වන්නේ සංස්කෘතිය යනු වෙනස් නොවන ඓතිහාසික ප්‍රවාහයක් බවයි. එමෙන් ම තමන්ගේ සංස්කෘතිය අන් සංස්කෘතියට වඩා උසස් ලෙස පිළිගැනීමට ද ඔවුන් පෙළඹී සිටී. නමුත් සංස්කෘතිය යනු වෙනස් වීම පදනම් කරරගත් ආකල්ප, අදහස් හා චර්යාවන්ගෙන් යුත් ජීවන රටාවයි. 1861   "ප්‍රාථමික සංස්කෘතිය ” නම් ග්‍රන්ථයක් රචනා කරන බි්‍රතාන්‍ය මානව විද්‍යාඥ E. B Tylor ජර්මන් වචනයක් වන Kultur යන්න නිර්වචනය කරන ලද්දේ සමාජයේ සාමාජිකයෙක් වශයෙන් මිනිසා විසින් අගය කරන්නා වූත් පරිනත වූත් දැනුම, විශ්වාසය, කලා, සදාචාරධර්මයන්, නීතිය, සිරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්හි සංකීර්ණ සමස්තය මෙය ලෙසයි.Good Enough නම් මානව විද්‍යාඥයා සංස්කෘතියේ වෙනත් අර්ථ දෙකක් පවතින බව හඳුනා ගනී. පළමුවෙන් ම සංස්කෘතියෙන් ප්‍රජාව තුළ පවතින ජීවන රටාවක් අර්ථවත් වේ. එනම් භෞතික හා සාමාජීය ක්‍රියා පිළිවෙලක් සමග ගොඩනැගෙන ක්‍රමානුකූල බවයි. අනෙක් අර්ථය නම් දැනුම විශ්වාස මගින් ජනතාව එකිනෙක ආකාරයට අත්දැකීම් හා සංජානනයන් මගින් ඒ ඒ තත්වයන් මත සංස්කෘතික රටාව ගොඩනැගෙන බවයි. කෙසේ වෙතත් මෙහිදී සංස්කෘතිය පරපුරෙන් පරපුරට ගෙනයන වාහකය භාෂාව ලෙස පෙන්වා දේ. එසේම සංස්කෘතිය යනු ජීවිතය සාරවත් කරන මූලධර්මයයි. ඵමරාදජ සංස්කෘතිය සම්බන්ධ ලක්ෂණ 04ක් ගෙන හැර දක්වන්නේ මෙසේය. 


  1. එය පරපුරෙන් පරපුරට උගන්වනු ලැබේ.
  2. එය සමාජීය දෙයකි.
  3. සංස්කෘතිය සංකල්පමය වූ පරමාදර්ශී දෙයකි.
  4. එය තෘප්තිය ලබා දෙන්නකි. 
  5. සංස්කෘතිය අනුයෝජනශීලීය. 
  6. එය සමගිය ඇති කරවන සුලුය.

               මාක්ස්වාදී දෘෂ්ටිවාදයට අනුව සරලව ම සංස්කෘතිය යනු  "ර්‍සිය ඉතිහාසය තුළ මිනිසා විසින් අත්කර ගන්නා ලද සියලුම අධ්‍යාත්මික හා ද්‍රව්‍යමය වටිනාකම්වල එකතුවකි.” ට්‍රොම්ස්කි පවසන ආකාරයෙන් සොබාදහම හෙවත් ප්‍රකෘතිය ලබාදුන් දේට අමතරව මිනිසා විසින් නිර්මාණය කළ අධ්‍යාත්මික හා ද්‍රව්‍යමය සියල්ල සංස්කෘතියට අයත් වේ. නිෂ්පාදන ක්‍රියාවලියේ සරලම අවදියේ මිනිසා නිපදවූ උපකරන වන පොල්ල, හෙල්ල, දුන්න සහ ඊතලයේ සිට නූතන යන්ත්‍රසූත්‍ර දක්වාත්, සිරිත් විරිත්, කැටයම්, ආචාරධර්ම, නීතිරීති, කලාව, සදාචාරය, සිතුම් පැතුම්, මතවාද ආදී සියලු දේත් සමස්තයක් වශයෙන් සංස්කෘතියට අයත් වේ. ඒ අනුව පැරණි වැව්, දගැබ්, නටබුන්, මංමාවත්, ඉදිකිරීම්, යන්ත්‍රසූත්‍ර, උත්සව, කාඩ් යන මේ සියල්ලක්ම සංස්කෘතියේ අංගයක් බවට පත් වේ. 1951 දී සංස්කෘතිය පිළිබඳ ගවේෂණාත්මක අධ්‍යයනයකදී A. L ක්‍රෝබර් හා ක්ලයිඩ් ක්ලඩෝන් යන මානව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ සංස්කෘතිය යන සංකල්පයට එවකට විවිධාකාර නිර්වචන 164ක් පැවති බවයි. කෙසේ වෙතත් සංස්කෘතිය සම්බන්ධයෙන් තවමත් නිෂ්චිත නිර්වචනයක් නොමැත. 

  සංස්කෘතිය තුළ ප්‍රධාන බෙදීම් 03ක් දැකගත හැකිය. 

  • අදහස්
  • ධර්මතා 
  • භෞතික සංස්කෘතිය යනු මේවායි. 

අදහස් යනු අප සිතන දේය. එහෙත් වඩාත් වැදගත් වන්නේ අර්ථවත්ව සිතන අදහසයි. සමාජවල ස්වාභාවය අනුව අදහස් ද විවිධ වේ. 


 මාධ්‍ය සංස්කෘතිය යනු කුමක්ද….


  සංස්කෘතිය යනු තික ක්‍රියාවලියක් වේ. මේ නිසා සංස්කෘතියේ ස්වභාවය නිරන්තරයෙන්ම වෙනස් වේ. අතීතයේ දී ආචාර ධර්ම, සිරිත් විරිත්, වැඩිහිටියන්, ඇදහිලි විශ්වාස, නීති, කලාව යනාදී  සංස්කෘතිය සඳහා පදනම් විය. එහෙත්  වර්තමානයේ දී සම්පූර්ණයෙන්ම නොවූවත් යම් තරමින් ඔහු සංස්කෘතිය සාධක වෙනස් වී ඇති බව පෙනේ. ඒ සඳහා ජනමාධ්‍ය පුළුල් කාර්යභාරයක් ඉටු කරයි.

          ජනමාධ්‍ය  Mass media ලෙස හඳුන්වයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහයන් පවසන්නේ ජනමාධ්‍ය සංහතික මාධ්‍ය වශයෙන්ද හැඳින්විය හැකි බවයි. ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත ප්‍රධාන ජනමාධ්‍යයන් ලෙස සැලකේ. අප දන්නා විදිහට  ජනමාධ්‍ය  කියන්නේ  තොරතුරක්, අදහසක් හෝ යම්කිසි දැනුමක් හුවමාරු කිරීමයි. එහෙත් ඊට අමතරව ජනමාධ්‍ය සංස්කෘතිය නවතාවයෙන් නිර්මාණය කිරීමක් සිදුකරනු ලබයි. අප එදිනෙදා පරිහරණය කරන ඇඳුම් පැළඳුම්, ආභරණ, ආහාරපාන, ගෘහභාණ්ඩ, විලාසිතාවන් තෝරා ගැනීමේදී ජනප්‍රිය සන්නාමයක් හෝ ජනප්‍රිය වෙළෙඳ ආයතනයකින් මිලදී ගැනීම සිදු කරන්නේ මේ නිසාවෙනි. මෙලෙස ජනප්‍රිය සන්නාමයන් හඳුන්වා දෙන්නේ ජනමාධ්‍යයි. ඒ සඳහා මාධ්‍ය විසින් විවිධාකාර උපක්‍රම භාවිතා කරන බවක් පෙනෙන්නට පවතී.

  •  බහුජන සංස්කෘතිය
  •  සංස්කෘතික ගෝලීයකරණය
  •  ජනප්‍රිය සංස්කෘතිය
  •  සංස්කෘතික අධිරාජ්‍යවාදය ජන මාධ්‍යයේ නව සංස්කෘතික ප්‍රවණතාවයන් ලෙස හැඳින්විය හැකිය.

     බහු ජන සංස්කෘතියේ උපරිම තලය ජනප්‍රිය සංස්කෘතියයි. ජනප්‍රිය සංස්කෘතිය තුළින් සිදුවන්නේ ජනප්‍රිය  නාමයේ සංස්කෘතික අංග වාණිජ පරමාර්ථයන් මත ජනමාධ්‍යයෙන් හුවමාරු කිරීමයි. ලෝකයම එක් ලෝක සංස්කෘතියක් බවට පත් කිරීම සංස්කෘතික ගෝලීයකරණය ලෙස හැඳින්විය හැකිය. එසේම සංස්කෘතික ආධිපත්‍යය තුළ පවතින්නේ මතවාදය හා සංස්කෘතිකමය මාර්ගවලින් ලබාගත් ආධිපත්‍ය හෝ පාලනයයි.  එබැවින් මේ වන විට  සංස්කෘතිය තුළට ජනමාධ්‍යයේ ද සහය ඇතිව නව අංගයන් සම්ප්‍රේෂණය වී ඇති බව පෙනේ.


    නයෝමි ශෂිකලා
   කොළඹ විශ්වවිද්‍යාලය
   ශ්‍රීපාලි මණ්ඩපය


ආශ්‍රිත ග්‍රන්ථ        
  • ගුණසේකර නිව්ටන්,  ගුවන්විදුලිය සහ මාධ්‍ය අධ්‍යයනය, ෆාස්ට් ප්‍රින්ටරි (ප්‍රයිවට්) ලිමිටඩ්.
  • ආචාර්ය වීරසිංහ ටියුඩර් සහ ආචාර්ය රාජපක්ෂ චන්ද්‍රසිරි, ජනමාධ්‍යවේදය, ගොඩගේ සහ සහෝදරයෝ.


පලවෙනි දවස

අතරමග කතා පලවෙනි දවස. පලවෙනි දවස කියන්නේ කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවස. පාසල් ගිය පලවෙනි දවස, හා හා පුරා කියලා මනමාලියක්/මනමාලයෙක් වෙන දවස, මු...