ඛේදයකින් හමාර වූ කින්නියාවේ කතාව....

                 

                   මේ වන විට නම් කින්නියාව නොදන්නා අයෙක් නොමැති තරම්. ඒ වෙනම රටක නොව ශ්‍රී ලංකාවේ ම ත්‍රීකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ පාලම්පාරුවක් පෙරළීමෙන් කිහිපදෙනක් මාරයාට බිලි වීමත් සමගයි. මේ අතර පාසල් නිළ ඇදුමින් සැරසුණු මල් කැකුළු  කිහිපයක් ද ජල රකුසාගේ පහරට හසුවී සදහටම නිහඩ වුණා. වසරකට පසු ඔවුන් පොත් බෑගය එල්ලා ගෙන ලහි ලහියේ පාරුවට ගොඩවන්නට ඇත්තේ කෙතරම් සතුටින්ද?

                 ඒත් අවාසනාවන්ත ලෙස හදිසියේම පාරුව පෙරළිණි. ජීවිතය ගලවා ගන්නට කුඩා ශරීරයට දැරිය නොහැකි තරමේ බෑගයක් පැළද ඔවුන් වතුර මත කෙතරම් යුද වදින්නට ඇත්ද? ලාංකිකයා යනු ඉක්මනින් මුල අමතක වන ජාතියක් බව පිළිගැනීම ප්‍රසිද්ධ රහසකි . එවන් පසුබිමක තිබියදී ගිලීගිය ජීවිත මෙන්ම බේරාගත් ජීවිත ද මාධ්‍යයට හා  රජයට මෙන්ම  සමස්ත ලාංකිකයන්ට ම සති කිහිපයකින් අමතකව යාවි.

                   



                           කින්නියා ප්‍රදේශවාසීන්ගේ කඳුළු කතාව සිත් තුළ ඉතිරිව පවතිද්දී සියල්ල පෙර මෙන් නැවත ගලා යාම සිදුවේවි . පාලම්, මංමාවත්, අහස උසට ගොඩනැගිලි තව තවත් ඉදි වේවි. එහෙත් හෙට ලෝකය ජයගන්න අකුරු කරන්නට ගිය මල් කැකුළු යළිත් කිසිදා කින්නියාවට නොඒවි. මෙවැනි පාලම් තවත් අබලන් තත්වයේම පවතින්නට නොදීම සෑම රජයක ම වගකීමක් වේ. එමෙන් ම දරුවන් බොහෝමයක් දෙමාපියන් ඇතුළු  සමීපතමයන් සිටියදී අනතුරට ලක්වීමේ ප්‍රවණතාවයක් පවතිද්දී දරුවන් පිළිබඳ දෙමාපියන් තව තවත් සැලකිලිමත්ව සොයා බැලීම ද වැදගත් වේ.

                        සිදුවීමක් සිදු වූ පසුව ඒ ගැන කතා කිරීම පලක් නොවූවත් නැවත කිසිම මල් කැකුලකට හරිහමන් පාලමක් නොමැතිකමින් ජීවිතය අහිමි නොවේවායි පතමි.


           නයෝමි ශෂිකලා 

           කොළඹ විශ්වවිද්‍යාලය 

           ශ්‍රීපාලි මණ්ඩපය . 






පලවෙනි දවස

අතරමග කතා පලවෙනි දවස. පලවෙනි දවස කියන්නේ කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවස. පාසල් ගිය පලවෙනි දවස, හා හා පුරා කියලා මනමාලියක්/මනමාලයෙක් වෙන දවස, මු...