සංහතික මාධ්‍යයේ ආරම්භය සහ විකාශනය

 

   සංහතික මාධ්‍යයේ ආරම්භය සහ විකාශනය................

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරන්නන් අනිවාර්යයෙන් ම දැන සිටිය යුතු සංහතික මාධ්‍ය කියන්නේ මොකක්ද?18 වන සියවසට පෙර සිටි මානව සමාජය ජන සමාජයක් ( folk society ) වූ අතර සංහතික සමාජයක් ( mass society ) නොවීය. නූතන යුගයේ ආරම්භයත් සමඟ Massnes සංහතිකත්වය යන සංකල්පයේ යුරෝපය තුළ ආරම්භ වන්නට පටන් ගනී.

                 මුල්ම සංහතික මාධ්‍ය වන පුවත්පත බිහිවන්නට ප්‍රධාන වශයෙන් හේතු වූයේ චීනයේ සායිලූන් (Tsae Lun) නැමැති අන්තඃපුර සේවකයා විසින් කඩදාසි සොයා ගැනීමයි. ක්‍රිස්තු වර්ෂ 105දී මුල්වරට ඉවත ලන සේද ,කඩමාලු, ශාක පත්‍ර ,පන් වර්ග භාවිතයෙන් කඩදාසි නිපදවා තිබේ. කඩදාසිය සොයා ගැනීම මෙන්ම මුද්‍රණ යන්ත්‍රයේ ආරම්භයද සිදුවන්නේ චීන ජාතිකයන් අතිනි. ක්‍රිස්තු වර්ෂ 1038 දී ෂී ශෙන්ග් විසින් මාරු මාරු කළ හැකි පරිදි මැටියෙන් අච්චු අකුරු නිපදවීමට සමත් වී ඇත. පසුව මේ අකුරු දැවයෙන් නිර්මාණය කරයි. ලෝකයේ පැරණිම මුද්‍රණ ග්‍රන්ථය ලෙස සැළකෙන්නේ වජ සූත්‍රයයි. 

              17 වන ශත වර්ෂයේ දී ජර්මනියේ දී මුද්‍රිත පුවත්පතක් ලෙස Avvizo Relation, Order zeitung හැඳින්වේ. එසේම එංගලන්තයේ Weekly  News හා ප්‍රංශයේ La Gasette පුවත්පත ක්‍රමානුකූලව ප්‍රංශ රාජ්‍ය උවමනාවන් නියෝජනය කරන දේශපාලනික තොරතුරු ද ව්‍යාප්ත කරන්නට පටන් ගනී. අද වන විට පුවත්පත මිලදී ගැනීමෙන් තොරව Online හරහා පාඨකයනට කියවීමට අවස්ථාව උදාවී ඇත. ඒ සඳහා ස්මාර්ට් ජංගම දුරකථන සතුව විවිධාකාර apps තිබෙනු දැකිය හැක.

              19 වන සියවසේදී පමණ ගුවන්විදුලි මාධ්‍ය හැඳින්වීම සඳහා භාවිතා කරන ලද්දේ Wireless යන්නයි. කම්බි දිගේ සන්දේශයත් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යැවීමට සමත් මාධ්‍යයක් එනම් මෝස් සංඥා ක්‍රමය සොයා ගන්නා ලදී. එහෙත් පසු කාලයේ දී රැහැන් රහිතව ගුවන්විදුලි තරංග භාවිතා කරමින් සන්දේශ යැවීම පිළිබඳව අධ්‍යයනය කරන්නට විය. හියුජන්ස් නැමැත්තා එක්තරා න්‍යායක් අනුව ආලෝක තරංග මාලාවක් අවකාශයට යොමු කිරීමෙන් පසුව එක් තැනක සිරි පණිවිඩය තවත් ස්ථානයකට යැවීමට හැකි බව පෙන්වා දෙන ලදී. ගුග්ලිමෝ මාර්කෝනි නැමැත්තෙකු තම පියාට අයත් වතුයායේ දී කළ අත්හදා බැලීම සාර්ථක වූයෙන් dot and dash හෙවත් තිත් සහ ඉරි ටෙලිග්‍රාෆ් ක්‍රමය ඉතාලි රජයට හඳුන්වා දීම ද ඔහු සමත් විය. 

                1897 දී පමණ මාර්කෝනි විසින් wireless signaling company පිහිටුවා ගන්නා ලදී. මෙකල ගුවන් විදුලිය ශ්‍රාවකයන්ට ශ්‍රවණය කළ හැකි වූයේ AM තරංග Amptitube  modulation මූලික කර ගනිමිනි. එඩ්වින් එච්. ආම්ස්ට්‍රෝන් මහතා සිදුකරන ලද අත්හදා බැලීමෙන් අනතුරුව FM හෙවත් Frequncy modulation තරංග හඳුන්වා දෙන ලදී. මෙතැන් සිට ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු වල හා ග්‍රහණයේ පැහැදිලි වෙනසක් සිදු වන්නට විය. වර්තමානයේ දී ගුවන් විදුලිය වෙනම උපාංගයක් ලෙස නොව ජංගම දුරකථනයේ අංගයක් බවට පත්ව ඇත. එසේම online online හරහා ද ශ්‍රවණය කිරීමට හැකියාව තිබේ. 

               19 වන සියවස අවසානය වන විට රූපවාහිනියෙ දැන්වීමට ලොව භාවිතා වූයේ Telectroscope සහ Electrical Telescope යන්නයි. 1900 වසරේදී  රුසියානු ජාතික භෞතික විද්‍යාඥයෙකු පැරිසියේ දී පැවති දේශනයකදී  ප්‍රංශ බසින් television යන නාමය භාවිතා කරන ලදී. Television යන්න tele (දුර) Vision (දැක්ම)යන ග්‍රීක වචන දෙක එක් කර සකස් කරගත් බව කර ගත් බව සඳහන් වේ. වර්තමානයේ දී ලොව පුරා ක්‍රියාත්මක වන දුරකථන සංඛ්‍යාවට වඩා වැඩි රූපවාහිනි යන්ත්‍ර සංඛ්‍යාවක් භාවිතා කරන බව සමීක්ෂණයෙන් සනාථ වී තිබේ. 1925 වසරේදී ස්කොට්ලන්ත ජාතික විදුලි ඉංජිනේරු ජෝන් ලොගී බෙයාඩ් ලන්ඩනයේ සන්නිවේදන උපකරණ කිහිපයක් තනා ප්‍රදර්ශනය කරන ලදී. කෙසේ වෙතත් අද වන විට රූපවාහිනිය ද Smart Tv බවට පත්ව ඇත.

පී. ඒ නයෝමි ශෂිකලා 

කොළඹ විශ්වවිද්‍යාලය 

ශ්‍රීපාලි මණ්ඩපය 



පලවෙනි දවස

අතරමග කතා පලවෙනි දවස. පලවෙනි දවස කියන්නේ කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවස. පාසල් ගිය පලවෙනි දවස, හා හා පුරා කියලා මනමාලියක්/මනමාලයෙක් වෙන දවස, මු...